Tuesday, September 30, 2014

පියන්ලා මාධ්‍ය කරත්දී බලාසිටින උපාධිය ඇත්තෝ

     

පාසල් නොයා ගතහැක ඇමතිකමක්
සාපෙළ සමත් නොවුනත් සබාපති පුටුවක්
උපාධියට හිමි තැන අද පියන්කෙනෙක්
          උගත්කමට නැහැ නොව අද රටේ තැනක්          


             ඡායාරූපශිල්පය ඇතුළු ජනමාධ්‍ය පිළිඹද පූර්ණ උපාධි ලැබූ සේවකයෝ  කටුනායක ගුවන් තොටුපොළේ විවිධ රාජකාරිවල නියලෙද්දී ගුවන් තොටුපොළේ ක්‍රියාත්මක ඊනියා මාධ්‍ය ඒකකයේ ඡායාරූප ගැනීම හා වීඩියෝ කිරීම් වෙනත් සේවකයෝ කරති. කළමනාකරණ සහායකයෙකු ඇතුළු කාර්යාල සහායකයෙකු මේ කටයුතුවලට යොදවා ඇති බව පැවසේ.

ගුවන් තොටුපොළ මාධ්‍ය ඒකකය ගුවන් තොටුපොළ කළමනාකරු යටතේ පවතින අතර ඔහුගේ ලිකිත අවසරයිකින් තොරව ජනමාධ්‍යවේදීන් ගුවන් තොටුපොළට ඇතුළුවීම තහනම් කරඇත.
මෙම තහනම ඉවත්කරන ලෙස ගුවන් තොටුපොළ කළමනාකරුට ගුවන් සේවා ඇමතිවරයා ලිඛිතව දන්වා යැවූ ලිපිය ඔහු අතුරුදහන් කර ඇත.

Thursday, September 18, 2014

අලවගෙන රන් කැබලි කකුලේ

අලවගෙන රන් කැබලි කකුලේ
තව ටිකක් ගමන් මල්ලේ
හොරෙන් එන්න බැලූවෙලේ
කොටුවේ රේගුවට තොටුපොළේ


රුපියල් එක්කෝටි පන් ලක්ෂයක් පමණ වටිනා රන් කැබලි 5ක් [කිලෝ එකක් පමණ බර] නීති විරෝධීව රැගෙන ආ ලාoකික ගුවන් මගීන් දෙදෙනෙකු  අත් අඩoගුවට ගත් බව රේගුව කියයි.  සැකකරුවන් බැoකොක් සිට පැමිණ ඇත. එක් අයෙක් තම දෙකකුල් වල රන් කැබලි දෙකක් අලවාගෙන පැමිණ ඇත. තවත් රන් කැබලි තුනක් අනෙක් ගුවන් මගියාගේ ගමන් මළු තුල සූක්ෂම ලෙස සගවා තිබූ බව රේගුව කියයි.
රේගු මත් ද්‍රව්‍ය පාලන අoශය මෙම වැටලීම කර ඇත.සහකාර රේගු අධිකාරීවරුන් වන විපුල ප්‍රනාන්දු, කේ. ඩී. කසුන්,එම්.එම්.එම්. රිස්වි, ලක්ෂ්මන් එදිරිවීර,  නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන කීර්ති අබේසේකර හා විපුල ප්‍රනාන්දු, රේගු අධිකාරීවරුන් වන ශාන්ත පියදාස, සරෝජ් චන්ද්‍රසේන, එස්.එල්.ඒ රිෆයි මහත්වරු ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂක කේ,එන්, වික්‍රමසිoහ මහතාගේ උපදෙස් පරිදි ඉදිරි විමර්ශණ කළහ.
නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ජේ.පී. චන්ද්‍රරත්න හා දර්ශණ විජේසිරිවර්ධන මහත්වරු රේගු පරීක්ෂණ සිදු කළහ. 


Sunday, September 14, 2014

ජනපතිතුමා මස්සිනා වුන කලට

ජනපතිතුමා මස්සිනා වුන කලට
රිසිදේ කල හැකිය කියලා සිතුනවිට
පඩි වැඩි කලා හිතවත් ඇම්බැට්ටයන්හට
නීතිය තිබේ තවදුරටත් පොතට



                 සියළු සේවකයින්ට එකවර වැටුප් වැඩි නොකර ගුවන් තොටුපොළ සභාපතිවරයාට හිතවත් සේවක පිරිසකට පමණක් පසුගිය කාලයේ වැටුප් වැඩිකර ඇතැයි එහි නිදහස් සේවක සoගමය චෝදනා කරයි.
2011 වසරේ දෙසැම්බර් 30 දින කම්කරු උසාවිය ගුවන් තොටුපොළ පරිපාලනය කරතිබූ මෙවැනි වරදකට ලබාදී ඇති තීන්දුවක්  සභාපතිවරයා කඩකර එම උසාවියට අපහාස කර ඇතැයි ගුවන් තොටුපොළ සේවකයෝ පවසති.
ගුවන් තොටුපොළ කළමනාකරු ඇතුළු අoශභාර ප්‍රධානීන්ට , ගුවන් ගමන් පාලකවරුන්ට හා ගුවන් තොටුපොළ සභාපතිවරයාට හිතවත් සේවක පිරිසකට පමණක් මෑත කාලයේ වැටුප් වැඩිකර ඇත.
ශ්‍රී ලoකා නිදහස් සේවක සoගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවෙන්ද්‍ර මහතාගේ මූලිකත්වයෙන් ගුවන් තොටුපොළ සේවකයින්ට වැටුප් වැඩිකර ගැනීමට එළඹෙන 18 දින සාකච්ඡාවක් ගුවන් තොටුපොළේදී පැවත්වේ.

Monday, September 1, 2014

නටනවලු පොඩි උන් තොටුපොළේ යකා

නැති කොරලා දැම්මේ උතුරෙ මහ එකා
උගේ නමින් ඉන්නා මේකා පොඩි එකා
නොගියොත් අද හෙට මේ ලොකු එකා
 නටවලු පොඩි උන් තොටුපොළේ යකා



   ලබන සදුදා වනවිට ගුවන් තොටුපොලේ පොඩි ප්‍රබාකරන් නොහොත් ආරක්ෂක ප්‍රධානි චින්තක කුමාරසිoහ ඉවත් නොකලොත් අගහරුවාදා ගුවන් තොටුපොලේ සියළුම සේවකයින් වැඩ වර්ජනයක නිරතවන බව එහි නිදහස් සේවක සන්ගමයේ සභාපති එම් ඩබ් බී මුහන්දිරම් කියයි.

වර්තමානයේ ගුවන් තොටුපොලේ ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වෙනවා  අපි ආරක්ෂක ලේකම් තුමාට කියනවා රටේ ත්‍රස්තවාදය නැති කලා වගේ ගුවන් තොටුපොලේත් ත්‍රස්තවාදය නැති කරන්න කියලා යැයි ද ඔහු වැඩිදුරටත් කීය.

ගුවන් තොටුපොළ හා සමාගමේ ආරක්ෂක ප්‍රධානියාගේ පහරදීමට ලක්ව හදවත් රෝගියෙකුවී රාගම රෝහලේ ප්‍රතිකාර ලබන කණ්ඩායම් භාර ආරක්ෂක ප්‍රධානී මාෂල් සම්පත් විතාන  සම්බන්දයෙන් රටේ අවම නීතියවත් ගුවන්තොටුපොල තුල ක්‍රියාත්මක නොවූ බව නිදහස් සේවක සoගමය කියයි.

ගුවන් තොටුපොල තුල බරපතල සිදුවීමක් වූවිට එහි සභාපති උපසභාපති හෝ විධායක අධ්‍යක්ෂකවරයා  ජන්ගම දුරකතථන මගින් වත් සම්බන්ද කරගැනීමට නොහැකි තත්වයක් පවතින බව පැවසේ.

ආරක්ෂක ප්‍රධානියාගේ පලමු මැර ප්‍රහාර නොවන බවත් මෙය පස්වන් අවස්තාව බවත් මෙම සිදිවීම සම්බන්දව ගුවන් තොටුපොල සභාපතිවරයා මහමගදී නවතාගෙන කතාකරන්නට සිදුවූ බව මුහන්දිරම් කියයි.

පසුගිය මැයි 27 දින මෙම නිලදාරියාගේ වැඩ තහනම් කරන ලෙස ජනාදිපතිතුමා දුන් තීන්දුව තිබියදී කිසියම් බලපෑමක් මත මෙම ආරක්ෂක නිලදාරියා නැවත සේවයට පැමිණ ඇතිබව  පැවසේ