Monday, September 21, 2015

මරණ දඩුවම






        රට පුරා පිළිලයක්ව ඇති කාන්තා හා ළමා දූෂණ හා ඝාතන මර්ධනයට මරණ දඩුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා බෞද්ධ භික්ෂූණ් වහන්සේ පෙරටු කොටගත් කටුනායක ආඩිඅම්බලම ප්‍රදේශයේ    ජනතාව උද්ගෝශණය කරමින් විරෝධතාවක නිරතවූහ. ආඩිඅම්බලම සමගි  ත්‍රිරෝද රථ සoගමය මෙම විරෝධතාව සoවිධානය කල අතර ප්‍රදේශයේ ජනතාව  සමග දැවමොට්ටාව අභයරාජ විහාරයේ විහාරාධිපති දැවමොට්ටාවේ මලියදේව,සන්සයිඩ්වත්ත      සිරිසුමoගල විහාරයේ විහාරාධිපති දැවමොට්ටාවේ සුමoගල හිමිවරු මෙම අවස්ථාවට සහභාගීවූහ.

Tuesday, September 15, 2015

රතු පස්වල බ්‍රිගේඩියර්



       රතු පස්වල ජනතාව ජලය ඉල්ලා කල උද්ගෝෂණ‍ය්දී වෙඩිතැබීමට අණ දුන් බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා තනිවම ගුවන් තොටුපොළින් පිටව ගිය බව පොලිස් නිළධාරියෙක් පැවසීය. ගුවන් තොටුපොළේ පිටුපස දොරටුවකින් ඔහු පලාගිය බවට ඇතැම් මාධ්‍ය වල පලවූ වාර්තා අසත්‍ය බව ඔහු වැඩිදුරටත්  පැවසීය.
උදෑසන අටට කටාර් සිට බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා පැමිණෙන බව කියමින් තෙරි පැහැ සිරිධම්ම හිමි ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ ඉදිරිපිට බුදු පිළිමය ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.
සමාජ සුභසාධන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා දුන් දුරකථන ඇමතුමකට අනුව සිරිධම්ම හිමි ඇතුළු පිරිස විසිර ගිය බව පොලිස් නිළධාරියෙක් පැවසීය.බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා ගුවන් තොටුපොළින් පිටව යන අවස්ථාවේ රතුපස්වල ජනතාව හෝ සිරිධම්ම හිමියෝ ගුවන් තොටුපොළේ නොසිටි බව ඔහු වැඩිදුරටත් පැවසීය.
බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා රතුපස්වල ජනතාව මගහැර පිටුපස දොරටුවකින් පලාගිය බවට ඇතැම් මාධ්‍ය වාර්තා පිළිබදව අදහස් දැක්වූ ගුවන් තොටුපොළේ නිළධාරියෙක් ගුවන් මගීන්ට රටට ඇතුළුවීමට පිටුපස දොරටු හෝ රහස් දොරටු නොමැති බවත් රටට පැමිණෙන ගුවන් මගීන් ආගමන කටයුතු නිමකර රේගු පරීක්ෂණ වලින් පසු නිෂ්චිත දොරටු වලින් පමණක් ගුවන් තොටුපොළි පිටවිය යුතු බව  පැවසීය.