Wednesday, January 13, 2016

කලාපයේ සේවිකාවකට අයුතු දඬුවම්






          කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවිකාවකට අයුතු යෝජනාවක් හා ප්‍රසිද්ධියේ අපහාස කල සේවකයෙකු පොලීසියේදී වරද පිළිගෙන සිටියදී ඔහුට දඬුවම් නොකර අදාල සේවිකාවගේ රැකියාව අහිමි කර ඇත. ආයතන පරිශ්‍රය තුලදී මෙම අපහාසය කල සේවකයාට අදාල සේවිකාව පහර දුන්නේ යැයි චෝදනාව මත ආයතන පරිපාලනය මෙම සේවිකාව රැකියාවෙන් ඉවත් කල බව සඳහන් ලිපියක් සේවිකාවට ලබා දී ඇත. ඇය එම ලිපිය බාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා එම ලිපිය ඇයගේ පුද්ගලික ලිපිනයට යවන බව දන්වා ඇයගේ ආයතන හැඳුනුම් පත ආයතන පරිපාලන ලබාගෙන ආයතනයෙන් පිටමන් කර ඇතිබව එහි සේවකයෙක් කීය.

      මෙම ආයතනය, යුරෝපය, ඇමෙරිකාව ඇතුළු විවිධ රටවලට රබර් අත් වැසුම් අපණයනය කරන කටුනායක වෙළඳ කලාපයේ පිහිටි සමාගමකි.