Tuesday, October 25, 2016

සමස්ත ශූරතාව හා පදක්කම්




                රටවල් 10 ක සහභාගීත්වයෙන්, මැලේසියාවේ පැවති 2016 මැලේසියානු විවෘත  කරාතේ තරඟාවලියේ සමස්ත ශූරතාව හා රන් පදක්කම් 21 ක් , රිදී පදක්කම් 12 ක්  හා ලෝකඩ පදක්කම් 7 ක් දිනූ ශ්‍රී ලoකා පාසැල් කරාතේ දෝ සoගම්යේ කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණියේය. හයවන වරට පැවති මෙම තරඟාවලියට ඉන්දියාව,නේපාලය, මැලේසියාව,ඉන්දුනීසියාව, තායිලන්තය හා බoග්ලාදේශය ඇතුළු රටවල් දහයක කණ්ඩායම් මෙම තරඟාවලියට සහභාගීවූහ. සමස්ත දිවයිනෙන්ම තෝරාගත් දක්ෂ ක්‍රීඩකයින්ගෙන් සමන්විතවූ මෙම කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට ජාත්‍යන්තර තරඟාවළියකදී සමස්ත ශූරතාව සමග විශාල ජයග්‍රහණ රැසක් ලබාගත් බව  පාසැල් කරාතේ දෝ සoගමයේ ලේකම් අනුර ශාන්ත මහතා පැවසීය.
       ඉකුත් ඔක්තෝබර් 21 සිට 23 දක්වා මෙම තරඟාවළිය මැලේසියාවේ ක්වාලම්පූර්හිදී පැවැත්විණි.