දෑතට අවි ගෙන යුධ බිම සරසන රූබර සුහද ළඳේ
හමු නොවුනාමුත් ඔබ ගැන නිඹඳව මගෙ සිත තුල රැව්දේ
යුද බිය නොමැතිව සාමයේ ජය දද මගෙ රට තුල ලෙලදේ
පන්සල් යන්නට දෙවියන් වැඳුම්ට මෙහි එනු මැන සඹඳේ
අපේ රටේ ත්‍රිවිධ හමුදාව රටේ මුර දේවතාවුන් වෙලා ත්‍රස්තවාදයෙන් රට බේරා ගත්තා ඒ වුනත් ලෝකයේ තවමත් යුද්ධ තිබෙනවා සාමය ආරක්ෂා කරන්න විවිධ රටව්ල හමුදා සෙබළු සෙබලියෝ කාන්තාර වල ගිරි දුර්ග වල සාමය වෙනුවෙන් දුක් විඳිනවා යුද බිම අවි ගෙන මව්බිමෙන් දුර ඈත රාජකාරි කරන මේ ඇමෙරිකන් සෙබලියන්ගේ පිතූරේ දැකලා මම ලියපු කවිය තමා මේ
No comments:
Post a Comment