අපි පුන්චි කාලේ බෝතල් පත්තරේ කිය කිය පරණ බෝතල් පත්තර වගේ දෙවල් ගෙවල් වලට ඇවිත් එකතු කරන අය සිටියා මෙහෙම ආපු සමහර අය රටේ නමගිය මුදලාලිලත් වුනා මෑත කාලෙනම් මේ වගෙ දෙවල් එකතු කරන්නේ වාහන වලින්
අවුරුදු 15 ක් විතර ගුවන් තොටුපොළේ පත්තර වලට වාර්තාකරුවෙක් ලෙස වැඩ කල මමත් ඉකුත් දවසක බොතල් එකතු කරන්න පටන් ගත්තා හැබැයි ඒවා ප්ලාස්ටික් බෝතල්
වෙන මොනවටත් නෙමේ ගෙවතු වගාවට මම නෙමේ කරන්නේ එහෙම කරන අයට ගෙනත් දෙනවා මගේ අරමුණ බෝතල් ලක්ෂයක් විතර එකතු කර ගන්න එතකොට වස විස නැති ආහාර බෝග ලක්ෂයක් වවන්න මමත් උදව් කලා වෙනවා
මේ රටේ සමහර පත්තර වලට වැඩ කරනවට වැඩිය ඒක ඵල දායක වෙයි කියලා රාළට හිතෙන්නේ මොකද සමහර පත්තර අද වෙනකොට පැලැස්තර වෙලා
ඒ වගේ තමා පරණ පත්තර එකතු කලොත් පොඩි ගාණකට හරි විකුණන්න පුළුවන් දන් තියෙන ගොඩක් පත්තර වලට වැඩ කලාට ඒ තරම්වත් ගෙවීමක් වාර්තාකරුවන්ට ගෙවනව කියල හිතන්න බෑ
ආද පත්තර වාර්තාකාර රස්සාව කියන්නෙ කිසිම පිළිගැනීමක් නැති දෙයක් මේ පිළිඹදව රාළ ඉදිරියෙදි ලියනවා කොහොම වුනත් අද බොහෝ ජනමාධ්‍ය පිළිඹදව ජනතාව කලකිරීමෙන් සිටින බව නම් රාළ දන්නවා
හයියෝ රාළේ මොකද මේ සිරි ලංකාවට වෙන්ඩ යන්නේ...
ReplyDeleteරටේ සාර ධර්ම පිරිහිලා මාධ්‍යවල ඉන්න බොහෝ අය ලඟත් අද ආචාර ධර්ම පිළිපදින අය අඩුයි. අද බොහෝ මාධ්‍ය යන්නේ කොහේද කියලවත් හිතාගන්න අමාරුයි
Deleteජනමාධ්යත් බලයට , මුදලට
ReplyDeleteසහතික ඇත්ත
Delete