රටේ සමාජය තුල යම් යම් දේවල් කරන බව ප්‍රකශ කලත් තමන් ලඟ යම් යම් ගුණ තියෙනවා කිව්වත් ඒවා තමා ලඟ තමන්ගේ ගෙදර නැති අය ගැන අපේ වැඩිහිටියෝ කිව් කියමනක් තමා මේ
ඇත්තම කියනවා නම් රාළත් මේ වගේ කියලා රාළට පසිගිය කාලේ හිතුණා රාළ ස්වභාවික ගොවිතැන ගැන කිය කියා මිනිස්සුන්ට ගොවිතැන කරන්න උනන්දු කලාට රාළටම කියලා ගෙවත්තක් තිබුණේ නෑ අනුන්ගේ ගෙවතු වල ස්වභාවික ගොවිතැන කරන්න ගිහින් රාළ නහුතෙටම ඇනගත්තා වෙච්ච දේවල් ගැන එක එක තැන් වල කිය කිය යනවට වැඩිය බුදුන්ට දෙවියන්ට කියනක එක හොඳ නිසා විශ්වයේ ඉහළම දෙවියන්ට වාර්තා කරලා සමාව ගත්තා
අවුරුදු 25 කටත් වැඩි කාලයක් රාළ අත්හැරලා තිබුණ රාළට පය ගහන්නවත් බැරිව තිබුණ ඉඩමක දෙවියන්ගේ ආශීර්වාදයෙන් රාළ ස්වභාවික ගොවිතැන පටන් ගත්තා ඉස්සෙල්ලම කොලේ කොල රොඩු එකතු කරලා කොම්පෝස්ට් පොහොර හදන එක හිතුවටත් වැඩිය සාර්ථකයි ගෙවත්තක් හදන ගමන් රාළ අලුත් ගෙයකුත් හදන්නයි හිතන් ඉන්නෙ
අපි වවමු රට හදමු කියලා ගිය ආණ්ඩුවෙ වැඩ සටහනක් තිබුණා වස විස නැති ගොතැන වර්තමාන යහපාලන ආණ්ඩුවෙ ක්‍රියා පරිපාටිය ඊළඟට එන ආණ්ඩුවෙන් මොන වගෙ ගොවිතැනක් කරයිද දන්නේ නෑ
ඒ වුනාට රාළ කරන්නේ කියුසෙයි ගොවිතැන ඒක කවදාවත් වෙනස් වෙන්නේ නෑ කියුසෙයි කියන්නේ ජපන් වචනයක් මේ ගොවිතැන ගැන රාළ ඉදිරියෙදි ලියනවා