මයුරා පිට වැඩ සිටින පින්බර රුහුණු රටේ
ඔබහට නොපෙනේ ද වෙනදේ ගුවන් තොටේ
නූතන දඬු මොනරු ඉගිලෙන හැටට හැටේ
දෙවියනි ඔබේ වාහනයත් මකර කටේ
මත්තල මොනරු දෙන්නෙක් එකවර අනතුරට ලක්වුන වෙලාවෙ තමා කතරගම දෙවියන්ට මේ කන්නලව්ව කලේ
ලෝකයේ ගොඩක් ගුවන් තොටුපොළ වල කුරුල්ලෝ අනතුරට පත්වෙනවා කුරුල්ලෝ නිසා ගුවන් යානා බරපතල අනතුරුවලට ලක්වෙන්නත් පුළුවන් ඒ නිසා සෑම ගුවන් තොටුපොළකම කුරුල්ලන් එළවන්න විවිධ ක්‍රම යොදා ගන්නවා වැඩි කාලයක් කලේ කුරුල්ලන්ට වෙඩි තියන එක මේකට පුහුණු සේවකයින් හැම ගුවන් තොටුපොළකම ඉන්නවා මීට අමතරව නූතන ක්‍රමත් යොදාගන්නවා
මත්තල ඉන්න මොනරුන්ට වෙඩි තියන්න බෑ කතරගම දෙවියන්ගේ වාහනය නිසා
මත්තල කරනවයි කියන්නේ සයිරන් නළා හඩ සහිත වාහනයක් ගුවන් පථය වටේ යන එක
මුල් කාලේ නම් ශබ්ද පූජා කලා කියලා විපක්ෂය චෝදනා කලා
කොහොම උනත් සත්තුන්ට ත් හානියක් නොවී ගුවන් තොටුපොළත් දියුණු වෙන්න කියලා රාළ බොක්කෙන්ම පාර්ථනා කරනවා
//මත්තල ඉන්න මොනරුන්ට වෙඩි තියන්න බෑ කතරගම දෙවියන්ගේ වාහනය නිසා //
ReplyDeleteවෙඩි නොතියන්නෙ මේ හේතුව නිසානම්, කියන්න තියෙන්නෙ "මගේ රටට දළදා හිමි සරණයි" කිය්ල තමා.
ගුවන් තොටුපොළ අවට සතුන් ගැවසීම අඩු කරන්න තමා වටේ තියන දිය කඩිති වසා දැම්මේ විවිධ සoවිධාන මේකට විරුද්ධ වුනත් කලා
Deleteජලය සියළු සත්වයින්ටම ඕන වතුර නැතිවුනාම සත්තු ඒ පෙදෙස් මග හැරලා යයි
දිගු කාලීනව මේ ක්‍රමය සාර්ථකයි
අනෙක් කාරණය තමා සත්තුත් හුරුවීම මත්තල තොටුපොළේ තියන සයිරන් කන් කරච්චලය වදයක් වෙලා උනුත් ප්‍රදේශය අත්හැර යාම
මොනරුන්ට වෙඩි තිබ්බොත් වෙන ජනතා විරෝධයට බයේ තමා මේ තීරණය ගන්න ඇත්තෙ