Tuesday, October 25, 2016

සමස්ත ශූරතාව හා පදක්කම්




                රටවල් 10 ක සහභාගීත්වයෙන්, මැලේසියාවේ පැවති 2016 මැලේසියානු විවෘත  කරාතේ තරඟාවලියේ සමස්ත ශූරතාව හා රන් පදක්කම් 21 ක් , රිදී පදක්කම් 12 ක්  හා ලෝකඩ පදක්කම් 7 ක් දිනූ ශ්‍රී ලoකා පාසැල් කරාතේ දෝ සoගම්යේ කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණියේය. හයවන වරට පැවති මෙම තරඟාවලියට ඉන්දියාව,නේපාලය, මැලේසියාව,ඉන්දුනීසියාව, තායිලන්තය හා බoග්ලාදේශය ඇතුළු රටවල් දහයක කණ්ඩායම් මෙම තරඟාවලියට සහභාගීවූහ. සමස්ත දිවයිනෙන්ම තෝරාගත් දක්ෂ ක්‍රීඩකයින්ගෙන් සමන්විතවූ මෙම කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට ජාත්‍යන්තර තරඟාවළියකදී සමස්ත ශූරතාව සමග විශාල ජයග්‍රහණ රැසක් ලබාගත් බව  පාසැල් කරාතේ දෝ සoගමයේ ලේකම් අනුර ශාන්ත මහතා පැවසීය.
       ඉකුත් ඔක්තෝබර් 21 සිට 23 දක්වා මෙම තරඟාවළිය මැලේසියාවේ ක්වාලම්පූර්හිදී පැවැත්විණි.

Thursday, September 22, 2016

නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක උද්ගෝශණය කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ආයතන හිමියන් කම්කරු සමිති සාමාජිකයිනට අතිකාල ලබාදීමට  එම සමිති වලින් ඉල්ලා අස්වී ලිපි ලබා දෙන ලෙසට බල කිරීම හා අතිකාල ලබා නොදීම ඇතුළු කම්කරු සමිති මර්ධන කියාවලට එරෙහිව නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සන්ගමයේ සාමාජිකයෝ ඉකුත් දා කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට උද්ගෝශණය කළහ.
http://hottimesasia.com/2016/09/22/%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%84%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b7%85%e0%b6%b3-%e0%b6%9a%e0%b6%bd%e0%b7%8f%e0%b6%b4-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b4%e0%b7%9c%e0%b6%af%e0%b7%94-%e0%b7%83-2/

Thursday, August 11, 2016

බෝතල් පත්තරේ




                 අපි පුන්චි කාලේ බෝතල් පත්තරේ කිය කිය පරණ බෝතල් පත්තර වගේ දෙවල් ගෙවල් වලට ඇවිත් එකතු කරන අය සිටියා මෙහෙම ආපු සමහර අය රටේ නමගිය මුදලාලිලත් වුනා මෑත කාලෙනම් මේ වගෙ දෙවල් එකතු කරන්නේ වාහන වලින් 

               අවුරුදු 15 ක් විතර ගුවන් තොටුපොළේ පත්තර වලට වාර්තාකරුවෙක් ලෙස වැඩ කල මමත් ඉකුත් දවසක බොතල් එකතු කරන්න පටන් ගත්තා හැබැයි ඒවා ප්ලාස්ටික් බෝතල් 
වෙන මොනවටත් නෙමේ ගෙවතු වගාවට මම නෙමේ කරන්නේ එහෙම කරන අයට ගෙනත් දෙනවා මගේ අරමුණ බෝතල් ලක්ෂයක් විතර එකතු කර ගන්න එතකොට  වස විස නැති ආහාර බෝග ලක්ෂයක් වවන්න මමත් උදව් කලා වෙනවා

            මේ රටේ සමහර පත්තර වලට වැඩ කරනවට වැඩිය ඒක ඵල දායක වෙයි කියලා  රාළට හිතෙන්නේ මොකද සමහර පත්තර අද වෙනකොට පැලැස්තර වෙලා

                                     ඒ වගේ තමා පරණ පත්තර එකතු කලොත් පොඩි ගාණකට හරි විකුණන්න පුළුවන් දන් තියෙන ගොඩක් පත්තර වලට වැඩ කලාට ඒ තරම්වත් ගෙවීමක් වාර්තාකරුවන්ට ගෙවනව කියල හිතන්න බෑ 
ආද පත්තර වාර්තාකාර රස්සාව කියන්නෙ කිසිම පිළිගැනීමක් නැති දෙයක් මේ පිළිඹදව රාළ ඉදිරියෙදි ලියනවා කොහොම වුනත් අද බොහෝ ජනමාධ්‍ය පිළිඹදව ජනතාව කලකිරීමෙන් සිටින බව නම් රාළ දන්නවා

Monday, August 8, 2016

ජඩ මැර මාධ්‍ය

       මැර ප්‍රහාර  කියමින් රටේ බොහෝ ජන මධ්‍ය වල තොරතුරු නිතර පලවෙනවා එක්කෝ මෙවටා සෘජුවම පාතාලය සම්බන්ධයි. ඉඳ හිටලා මාධ්‍යවේදීන්ටත් මැර ප්‍රහාර සිදුවෙනවා 

   මාධ්‍යවේදියොත් තවත් මාධ්‍යවේදියෙකුට හෝ පිරිසකට මැර ප්‍රහාර කරනවා නම් ඒක බරපතල සිදුවීමක් ජනතාවට ආදර්ශමත් ලෙස කටයුතු කලයුතු අය මේ වගේ නොහොබිනා වැඩ කරනවා නම් ඒක සමස්ත මාධ්‍යයේම පිරිහීමක් සිදුවීම් වාර්තා කරන්නනට යන මාධ්‍ය කරුවෝ ජනතාව ඉදිරිපිට ගහ මරා ගැනීම ට මාධ්‍ය ආයතනත් වගකිවයුතු කියලයි මට හිතෙන්නේ

   කොහොම වුනත් මේ වැඩේ බොහොම කැතයි කැතයි කැතයි....

Tuesday, July 12, 2016

නිෂා බිස්වාල් එයි.




      ශ්‍රි ලoකාව හා ඇමෙරිකාව අතර ද්විපාර්ශිවික සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින් දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් මහත්මිය ඊයේ සවස මෙරටට පැමිණියාය. 

Wednesday, January 13, 2016

කලාපයේ සේවිකාවකට අයුතු දඬුවම්






          කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවිකාවකට අයුතු යෝජනාවක් හා ප්‍රසිද්ධියේ අපහාස කල සේවකයෙකු පොලීසියේදී වරද පිළිගෙන සිටියදී ඔහුට දඬුවම් නොකර අදාල සේවිකාවගේ රැකියාව අහිමි කර ඇත. ආයතන පරිශ්‍රය තුලදී මෙම අපහාසය කල සේවකයාට අදාල සේවිකාව පහර දුන්නේ යැයි චෝදනාව මත ආයතන පරිපාලනය මෙම සේවිකාව රැකියාවෙන් ඉවත් කල බව සඳහන් ලිපියක් සේවිකාවට ලබා දී ඇත. ඇය එම ලිපිය බාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා එම ලිපිය ඇයගේ පුද්ගලික ලිපිනයට යවන බව දන්වා ඇයගේ ආයතන හැඳුනුම් පත ආයතන පරිපාලන ලබාගෙන ආයතනයෙන් පිටමන් කර ඇතිබව එහි සේවකයෙක් කීය.

      මෙම ආයතනය, යුරෝපය, ඇමෙරිකාව ඇතුළු විවිධ රටවලට රබර් අත් වැසුම් අපණයනය කරන කටුනායක වෙළඳ කලාපයේ පිහිටි සමාගමකි.