Monday, November 27, 2017

ලෝකෙට ප්‍රරකාසේ ගෙදරට මරගාතේ



                          රටේ සමාජය තුල යම් යම් දේවල් කරන බව ප්‍රකශ කලත් තමන් ලඟ යම් යම් ගුණ තියෙනවා කිව්වත් ඒවා තමා ලඟ තමන්ගේ ගෙදර නැති අය ගැන  අපේ වැඩිහිටියෝ කිව් කියමනක් තමා මේ 


                        ඇත්තම කියනවා නම් රාළත් මේ වගේ කියලා රාළට පසිගිය කාලේ හිතුණා රාළ ස්වභාවික ගොවිතැන ගැන කිය කියා මිනිස්සුන්ට ගොවිතැන කරන්න උනන්දු කලාට රාළටම කියලා ගෙවත්තක් තිබුණේ නෑ අනුන්ගේ ගෙවතු වල ස්වභාවික ගොවිතැන කරන්න ගිහින් රාළ නහුතෙටම ඇනගත්තා වෙච්ච දේවල් ගැන එක එක තැන් වල කිය කිය යනවට වැඩිය  බුදුන්ට දෙවියන්ට කියනක එක හොඳ නිසා විශ්වයේ ඉහළම දෙවියන්ට වාර්තා කරලා සමාව ගත්තා 

                      අවුරුදු 25 කටත් වැඩි කාලයක් රාළ අත්හැරලා තිබුණ රාළට පය ගහන්නවත් බැරිව තිබුණ ඉඩමක දෙවියන්ගේ ආශීර්වාදයෙන් රාළ ස්වභාවික ගොවිතැන පටන් ගත්තා  ඉස්සෙල්ලම කොලේ කොල රොඩු එකතු කරලා කොම්පෝස්ට් පොහොර හදන එක හිතුවටත් වැඩිය සාර්ථකයි ගෙවත්තක් හදන ගමන් රාළ අලුත් ගෙයකුත් හදන්නයි හිතන් ඉන්නෙ



                       අපි වවමු රට හදමු කියලා ගිය ආණ්ඩුවෙ වැඩ සටහනක් තිබුණා වස විස නැති ගොතැන වර්තමාන යහපාලන ආණ්ඩුවෙ ක්‍රියා පරිපාටිය ඊළඟට එන ආණ්ඩුවෙන් මොන වගෙ ගොවිතැනක් කරයිද දන්නේ නෑ


           ඒ වුනාට රාළ කරන්නේ කියුසෙයි ගොවිතැන ඒක කවදාවත් වෙනස් වෙන්නේ නෑ කියුසෙයි කියන්නේ ජපන් වචනයක් මේ ගොවිතැන ගැන රාළ ඉදිරියෙදි ලියනවා

Thursday, November 16, 2017

වස විස නැති ගොවිතැන සමග ජනසිත සනසන මල් කලාව


වස විස අහර ගැනුමෙන් ලෙඩ වෙන බව පවසමිනේ
ගොවිතැන විස නැතුව කරනට කියමින්නේ
මල් කලාවෙන් ජනසිත් පුබුදමිනේ
ඔබ දෙසූ මග යන දන සුවපත් වන්නේ

ජපානයේ උතුම් අධ්‍යාත්මික නායකයාණන් වූ මෙයුසුසාමා තුමන් ලොවට හඳුන්වා දුන් කියුසෙයි ස්වභාවික ගොවිතැන ශ්‍රී ලන්කාව තුල ක්‍රියාත්මක කෙරේ. වස විසෙන් තොර ආහාර පරිභෝජනය කිරිමෙන් නිරෝගී සමාජයක් ගොඩනැගිය හැකි බවත් අහාර කඳු ගණන් තිබුණද වස විස නිසා පරිභෝජනයට නොහැකි වන බව එතුමන් දේශණා කර ඇත.
ජනතා සිත් සතන් සුවපත් කරනට ඉකෙබානා සන්ගෙත්සු මල් කලාව හඳුන්වා දෙමින් එතුමන් අධ්‍යාත්මික ජීවිතයක් ගත කිරීමට මග පෙන්වා ඇත.




වඩුවගෙ ගෙදර පුටුව



                       වඩුවගෙ ගෙදර පුටුව නෑ කියල කියමනක් අපේ ජන වහරේ තිබුනා වඩුවා කොතරම් ලී බඩු පුටු හැදුවත් එයගේ ගෙදර ට පුටුවක් හදා ගන්න අපොහොසත් වීම මේ කියමනේ මූලික අදහස ඒ වගේම තමන් යම් කාර්යක් කලත් රටට යහපතක් වුනත් තමන්ට ඒ දෙය අහිමිවීම පොදුවේ දක්නට ලැබෙන කාරණයක්

                          රාළටත් ඔය වගේ අත් දැකීම් තියෙනවා රාළ ඡායාරූප ශිල්පියෙක් වෙලා හිටියා ඒ වගෙම කලු සුදු වර්ණ ඡායාරූප මුද්‍රණ ශිල්පියෙක් වෙලා හිටියා ඒ වුනාට මගුල් ෆොටො එකක් රාළට තිබුනේ නෑ 
           ඒ වගේම තමා කව්රුහරි ඉල්ලුවොත් රාළට දෙන්න හරි හමන් ෆොටො එකකුත් නෑ ඒකත් හරියට අර පුටුවේ කතාව වගේ තමා කොහොම උනත් රාළත් යන යන තැන මීට පස්සේ ෆොටෝ ගහන්න තමා හිතන් ඉන්නේ මෙච්චර කාලයක් රාළ අනුන්ගේ ෆොටො ගැහුවා දැන් රාළගේ ෆොටොත් කාට හරි කියලා ගස්සගන්න කාලයක් තමා ඇවිල්ලා තියෙන්නේ

Monday, November 13, 2017

ලෙඩවීම, කෙලවීම හා සුවවීම




ලෙඩවීම, කෙලවීම හා සුවවීම

ගුවන් තොටුපොළේ ඉඳගෙන නිතරම මාධ්‍යයට තොරතුරු සපයපු රාළට පසුගිය කාලයේ නරක කාලයක් තිබුණේ රාළ ලෙඩ වුනා ඒ වගේම රාළට කෙළවුනා
කොටින්ම කියනවානම් රාළ හිටියේ මහ පාරෙ කිව්ව්ත් වැරදි නෑ
හැමදේම නැතිවෙලා ජීවිතය විතරක් ඉතිරි කරගෙන සුදු කොඩි පෙනි පෙනී සිටි රාළට දෙවියොත් සිහිවුනා 
එහෙම මරණය පෙනි පෙනී සිටි රාළ අද සුවපත් වෙළා උදේ සවස බීපු බටහිර බෙහෙත් බොන්නේ නෑ රාළට තිබුණ අසනීප සුව වෙලා රාළ ආයෙත් ආවා
හැබැයි ඉස්සර වගෙ නෙමේ රාල සුවපත් වුන ක්‍රමයටම තව බොහෝ පිරිසක් සුවපත් කරන ගමනක යන්න ඒ යන ගමන් ඔය මොනවහරි  බහුභූත ටිකක් ලියන්න තමා හිතන් ඉන්නේ..
හදවත් ආබාදයකට ලක්වෙලා හිටිය රාළ සුවපත් වුන ආශීර්වාද කලාව පිළිඹඳව රාළ ඉදිරියේදී ලියනවා
හැම පැත්තෙන්ම ලෙඩවෙලා තියෙන සමාජයකට මේ සුවපත් කිරීමේ කලාව දිව ඔසුවක් වෙයි කියලා රාළ හිතනවා