Friday, December 26, 2014

කාන්තා වෘතීය සමිති හා නායකත්වය කාන්තාවන්ට



            වැඩ කරන කාන්තාවන්ට බලපාන බොහෝ ප්‍රශ්ණ සම්ප්‍රදායික වෘතීය සමිති වලින් විසදගන්න බෑ ලිoගික හිoසන අතවර වැනි ගැටළු වලට විසදුම් පතා කාන්තාවන් විසින් මෙහෙයවන නව කම්කරු බලවේගයක් අවැසි බව ස්ත්‍රී මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා පද්මිණී වීරසූරුය මහත්මිය පැවසුවාය.
         කටුනායක, බියගම, කොග්ගල, හා වතුපිටිවල සේවය කරන හා නැගෙනහිර පළාතේ ස්ත්‍රී මධ්‍යස්ථාන සාමාජික සිoහල දමිළ කාන්තා නියෝජිතවරියන් අමතා ඇය එසේ කීවාය.
ස්ත්‍රී මධ්‍යස්ථානයේ 20 වන නියෝජිත මහ සමුළුව පසුගියදා ත්‍රිකුණාමලයේදී පැවත්විණි.





Friday, November 14, 2014

පොඩි එකාගේ ලියුම



   අපේ තාත්තා වැඩ කරන්නේ ශ්‍රී ලoකන් ගුවන් සමාගමේය. ශ්‍රී ලoකන් ගුවන් සමාගම අවිරුද්දකට මිලියන 32 දාහක පාඩුවක් ලබන බව පත්තරවල හා ටීවී එකේ දැම්මට මට එය තෙරෙන්නේ නැත්තේ මිලියනයක් කියන්නේ කොච්චරක්ද කියා මා හරියටම දන්නේ නැති නිසාය. මිලියනයක් කියන්නේ කොච්චරක්ද කියා මම අම්මාගෙන් අහපුවාම අම්මා කිව්වේ දාහට ගනින්න බැරි උඹට මිලියන මොකටද කියාය.එතකොට මo අම්මට කිව්වේ තාත්තලාගේ කොම්පැනිය මිලියන 32 ක් පාඩුයි කියලා පාර්ලිමේන්තුවේ මාමා කෙනෙක් කිව්වා කියාය. එතකොට අම්මා කිවේ පාර්ලිමේන්තුවේ මාමා කෙනෙක් කිව්වානම් ඒක බොරුවක් කියාය.
එතකොට ලගදී ජපන් ඉදලා ආපු ගාල්ලේ චූටි මාමා අපේ ගෙදර ආවෝය. චූටි මාමා ජපන් ඉදලා ආවේ මොන ප්ලේන් එකේද කියලා අහපුවම මාමා කිව්වේ වැඩි ගානක් දීල ශ්‍රී ලන්කන් එකේ ආවා කියාලාය. 
එතකොට තාත්තා නයිට් ඕෆ් වෙලා ගෙදර ආවේය. තාත්තා ගෙට ගොඩ වෙන්නත් කලින් මාමා කිව්වේ මොකද්ද අයියේ දැන් ශ්‍රි ලන්කන් සර්විස් එක හරිම සවුත්තුයිනේ කියාය. එතකොට තාත්තා කලබලයේ ඇහුවේ ඇයි ෆයිට් එකේදී මොකද වුනේ කියාය. එතකොට මාමා කිව්වේ කන්න දුන්නේ නූඩ්ලස් ටිකක් කියාය. ගෙදර කනවා වගේ නූඩ්ලස් කන්න දෙන්න පිළුවන්ද බන් තුන්සිය ගනනක් යන ප්ලේන් එකක කියා තාත්තා තරහින් ගෙට ගියෝය.හොදට නූඩ්ලස්  ටිකක් හදනවා අන්න අරූට ඇතිවෙන්න කන්න දෙන්න කුස්සියේ සිටි අම්මාට එසේ කියනවා  මිදුලේ සිටි මටයි චූටි මාමටයි හොදට ඇසුණි අපේ තාත්තා කිසිම පිටස්තරයේ සමග ගුවන් සමාගමේ අඩුපාඩු ගැන කතාකරන්නේ නැත.  ඒත් තාත්තාගේ වැඩ කරන තැන යාළුවෝ එකතු වුනාම  මුන් මේක කනවා කියා කාටද කාටද හෙණ ඉල්ල ඉල්ලා බණිනවාය.අපේ තාත්තා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ඇත්තේ පුදුම ආදරයකි.

මීට,
ශ්‍රී ලන්කන් වැඩ කරන
තාත්තාගේ පොඩි එකා.

 ශ්‍රී ලoකන් නිදහස් සේවක සoගමයේ මාසික පුවත්පතින් උපුටා ගැනීමකි

Tuesday, November 4, 2014

ගුවන් තොටේ වර්ජනයක්?


හොරෙන් හොරෙන් පඩි වැඩිකල සභාපති
අපි ඉල්ලන පඩිය නොදෙන සභාපති
ගුවන් තොටේ අභිමානය බිම දමනා සභාපති
රැක දෙනු මැන ගුවන් මෑණි, එලවා හෝ සභාපති



සේවක වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් ඉල්ලා ගුවන් තොටුපොළ හා සේවා සමාගමේ සේවකයෝ අද 04 ගුවන් තොටුපොළ ඉදිරිපිට උද්ගෝශණයක නිරතවූහ. ශ්‍රී ලoකා නිදහස් සේවක සoගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවෙන්ද්‍ර මහතාගේ මූලිකත්වයෙන් ගුවන් තොටුපොළ සමාගමේ සභාපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී එකගවූ වැටුප් වැඩිකිරීම සභාපතිවරයා මගහැර ඇතැයි ගුවන් තොටුපොළ සේවකයෝ මෙහිදී චෝදනා කළහ.
හෙට 05 උදේ 10 වනවිට සේවක වැටුප් වැඩිවීම ලබා නොදුනහොත් අඛණ්ඩ වැඩ වර්ජනයකට ගුවන් තොටුපොළ මෙහෙයවන බව ශ්‍රී ලoකා නිදහස් සේවක සoගමයේ ගුවන් තොටුපොළ සභාපති එම්. ඩබ්. මුහන්දිරම්  පැවසීය.

                                                                            

Tuesday, September 30, 2014

පියන්ලා මාධ්‍ය කරත්දී බලාසිටින උපාධිය ඇත්තෝ

     

පාසල් නොයා ගතහැක ඇමතිකමක්
සාපෙළ සමත් නොවුනත් සබාපති පුටුවක්
උපාධියට හිමි තැන අද පියන්කෙනෙක්
          උගත්කමට නැහැ නොව අද රටේ තැනක්          


             ඡායාරූපශිල්පය ඇතුළු ජනමාධ්‍ය පිළිඹද පූර්ණ උපාධි ලැබූ සේවකයෝ  කටුනායක ගුවන් තොටුපොළේ විවිධ රාජකාරිවල නියලෙද්දී ගුවන් තොටුපොළේ ක්‍රියාත්මක ඊනියා මාධ්‍ය ඒකකයේ ඡායාරූප ගැනීම හා වීඩියෝ කිරීම් වෙනත් සේවකයෝ කරති. කළමනාකරණ සහායකයෙකු ඇතුළු කාර්යාල සහායකයෙකු මේ කටයුතුවලට යොදවා ඇති බව පැවසේ.

ගුවන් තොටුපොළ මාධ්‍ය ඒකකය ගුවන් තොටුපොළ කළමනාකරු යටතේ පවතින අතර ඔහුගේ ලිකිත අවසරයිකින් තොරව ජනමාධ්‍යවේදීන් ගුවන් තොටුපොළට ඇතුළුවීම තහනම් කරඇත.
මෙම තහනම ඉවත්කරන ලෙස ගුවන් තොටුපොළ කළමනාකරුට ගුවන් සේවා ඇමතිවරයා ලිඛිතව දන්වා යැවූ ලිපිය ඔහු අතුරුදහන් කර ඇත.

Thursday, September 18, 2014

අලවගෙන රන් කැබලි කකුලේ

අලවගෙන රන් කැබලි කකුලේ
තව ටිකක් ගමන් මල්ලේ
හොරෙන් එන්න බැලූවෙලේ
කොටුවේ රේගුවට තොටුපොළේ


රුපියල් එක්කෝටි පන් ලක්ෂයක් පමණ වටිනා රන් කැබලි 5ක් [කිලෝ එකක් පමණ බර] නීති විරෝධීව රැගෙන ආ ලාoකික ගුවන් මගීන් දෙදෙනෙකු  අත් අඩoගුවට ගත් බව රේගුව කියයි.  සැකකරුවන් බැoකොක් සිට පැමිණ ඇත. එක් අයෙක් තම දෙකකුල් වල රන් කැබලි දෙකක් අලවාගෙන පැමිණ ඇත. තවත් රන් කැබලි තුනක් අනෙක් ගුවන් මගියාගේ ගමන් මළු තුල සූක්ෂම ලෙස සගවා තිබූ බව රේගුව කියයි.
රේගු මත් ද්‍රව්‍ය පාලන අoශය මෙම වැටලීම කර ඇත.සහකාර රේගු අධිකාරීවරුන් වන විපුල ප්‍රනාන්දු, කේ. ඩී. කසුන්,එම්.එම්.එම්. රිස්වි, ලක්ෂ්මන් එදිරිවීර,  නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන කීර්ති අබේසේකර හා විපුල ප්‍රනාන්දු, රේගු අධිකාරීවරුන් වන ශාන්ත පියදාස, සරෝජ් චන්ද්‍රසේන, එස්.එල්.ඒ රිෆයි මහත්වරු ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂක කේ,එන්, වික්‍රමසිoහ මහතාගේ උපදෙස් පරිදි ඉදිරි විමර්ශණ කළහ.
නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ජේ.පී. චන්ද්‍රරත්න හා දර්ශණ විජේසිරිවර්ධන මහත්වරු රේගු පරීක්ෂණ සිදු කළහ. 


Sunday, September 14, 2014

ජනපතිතුමා මස්සිනා වුන කලට

ජනපතිතුමා මස්සිනා වුන කලට
රිසිදේ කල හැකිය කියලා සිතුනවිට
පඩි වැඩි කලා හිතවත් ඇම්බැට්ටයන්හට
නීතිය තිබේ තවදුරටත් පොතට



                 සියළු සේවකයින්ට එකවර වැටුප් වැඩි නොකර ගුවන් තොටුපොළ සභාපතිවරයාට හිතවත් සේවක පිරිසකට පමණක් පසුගිය කාලයේ වැටුප් වැඩිකර ඇතැයි එහි නිදහස් සේවක සoගමය චෝදනා කරයි.
2011 වසරේ දෙසැම්බර් 30 දින කම්කරු උසාවිය ගුවන් තොටුපොළ පරිපාලනය කරතිබූ මෙවැනි වරදකට ලබාදී ඇති තීන්දුවක්  සභාපතිවරයා කඩකර එම උසාවියට අපහාස කර ඇතැයි ගුවන් තොටුපොළ සේවකයෝ පවසති.
ගුවන් තොටුපොළ කළමනාකරු ඇතුළු අoශභාර ප්‍රධානීන්ට , ගුවන් ගමන් පාලකවරුන්ට හා ගුවන් තොටුපොළ සභාපතිවරයාට හිතවත් සේවක පිරිසකට පමණක් මෑත කාලයේ වැටුප් වැඩිකර ඇත.
ශ්‍රී ලoකා නිදහස් සේවක සoගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවෙන්ද්‍ර මහතාගේ මූලිකත්වයෙන් ගුවන් තොටුපොළ සේවකයින්ට වැටුප් වැඩිකර ගැනීමට එළඹෙන 18 දින සාකච්ඡාවක් ගුවන් තොටුපොළේදී පැවත්වේ.

Monday, September 1, 2014

නටනවලු පොඩි උන් තොටුපොළේ යකා

නැති කොරලා දැම්මේ උතුරෙ මහ එකා
උගේ නමින් ඉන්නා මේකා පොඩි එකා
නොගියොත් අද හෙට මේ ලොකු එකා
 නටවලු පොඩි උන් තොටුපොළේ යකා



   ලබන සදුදා වනවිට ගුවන් තොටුපොලේ පොඩි ප්‍රබාකරන් නොහොත් ආරක්ෂක ප්‍රධානි චින්තක කුමාරසිoහ ඉවත් නොකලොත් අගහරුවාදා ගුවන් තොටුපොලේ සියළුම සේවකයින් වැඩ වර්ජනයක නිරතවන බව එහි නිදහස් සේවක සන්ගමයේ සභාපති එම් ඩබ් බී මුහන්දිරම් කියයි.

වර්තමානයේ ගුවන් තොටුපොලේ ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වෙනවා  අපි ආරක්ෂක ලේකම් තුමාට කියනවා රටේ ත්‍රස්තවාදය නැති කලා වගේ ගුවන් තොටුපොලේත් ත්‍රස්තවාදය නැති කරන්න කියලා යැයි ද ඔහු වැඩිදුරටත් කීය.

ගුවන් තොටුපොළ හා සමාගමේ ආරක්ෂක ප්‍රධානියාගේ පහරදීමට ලක්ව හදවත් රෝගියෙකුවී රාගම රෝහලේ ප්‍රතිකාර ලබන කණ්ඩායම් භාර ආරක්ෂක ප්‍රධානී මාෂල් සම්පත් විතාන  සම්බන්දයෙන් රටේ අවම නීතියවත් ගුවන්තොටුපොල තුල ක්‍රියාත්මක නොවූ බව නිදහස් සේවක සoගමය කියයි.

ගුවන් තොටුපොල තුල බරපතල සිදුවීමක් වූවිට එහි සභාපති උපසභාපති හෝ විධායක අධ්‍යක්ෂකවරයා  ජන්ගම දුරකතථන මගින් වත් සම්බන්ද කරගැනීමට නොහැකි තත්වයක් පවතින බව පැවසේ.

ආරක්ෂක ප්‍රධානියාගේ පලමු මැර ප්‍රහාර නොවන බවත් මෙය පස්වන් අවස්තාව බවත් මෙම සිදිවීම සම්බන්දව ගුවන් තොටුපොල සභාපතිවරයා මහමගදී නවතාගෙන කතාකරන්නට සිදුවූ බව මුහන්දිරම් කියයි.

පසුගිය මැයි 27 දින මෙම නිලදාරියාගේ වැඩ තහනම් කරන ලෙස ජනාදිපතිතුමා දුන් තීන්දුව තිබියදී කිසියම් බලපෑමක් මත මෙම ආරක්ෂක නිලදාරියා නැවත සේවයට පැමිණ ඇතිබව  පැවසේ

Sunday, August 31, 2014

තොටුපොළේ ගුටිකෙළි

ආදා සිටම මේකා බීමතින්
ඉන්නේ හිතන් ඇමතිට වඩා උඩින්
පොඩි උන් තලයි නිතරම බුරමින්
  තොටුපොළෙ නමට හානි කරමින්  



          
         ජනාධිපති  මහින්ද රාජපක්ෂ මහතා විසින් සේවයෙන් ඉවත් කරන ලෙස වරක් නියෝග කල ගුවන් තොටුපොළ හා සේවා සමාගමේ ප්‍රධාන ආරක්ෂක නිළධාරියාගෙන් පහර කෑමට ලක්වූ ගුවන් තොටුපොළෙ ඉහළ ආරක්ෂක නිලධාරියෙකු රාගම රෝහලට ඇතුලත් කර ඇත. කණ්ඩායම් භාර ආරක්ෂක ප්‍රධානී මාෂල් සම්පත් විතාන  මෙසේ රෝහල්ගතව සිටියි. මාෂල් සම්පත් විතාන මහතාගේ නිල කාර්යාලයට  පැමිණි ගුවන් තොටුපොළ ආරක්ෂක ප්‍රධානියාගෙන් යම් රාජකාරී කටයුත්තක් පිළිබදව විමසූ අවස්තාවේ ඔහුගේ  බෙල්ලෙන් අල්ලා හිසට පහරදී ඇති බව නිදහස් සේවක සoගමයේ සභාපති එම්. ඩබ්. බී මුහන්දිරම් පැවසීය.


Friday, August 29, 2014

නොදෙව් ගැලවෙන්න දූෂකයට හිමි තොණ්ඩුවයි ගෙලේ


බෙහෙත් ගන්න රෝහල වෙත ගියපු වෙලේ
රවටා ඇ‍යව අතවර කර දිවි තුරන් කලේ
වෙද තනතුරට අපහාසයක් කලේ
නොදෙව් ගැලවෙන්න දූෂකයට හිමි තොණ්ඩුවයි ගෙලේ


         මීගමු රෝහලේ ප්‍රතිකාර ගැනීමට ගොස් සිටියදී දූෂණය කර මරා දමූ කටුනායක නිදහස් වෙළද කලාප සේවිකා, චමිලා දිසානායක නඩුව වසර හතක් විභාවේ. එම නඩුව කඩිනමින් විසදා ඇයට සාධාරණය කරන ලෙස ඉල්ලා ජනාධිපතිතුමා වෙත යැවීමට සේවක සoදෙශයක් කටුනායක කලාප සේවික සේවිකාවෝ අත්සන් කළහ.
නඩුවේ සාක්ෂි අවසන්වී වාචික හා ලිඛිත දේශණ අවධියේ පසුවන අවස්ථාවේ විත්තියේ නීතිවේදීන් සැලසුම් සහගත ලෙස කටයුතු කරමින් අධිකරණය මග හරිමින් නඩුවේ තීන්දුව පමා කිරීමට කටයුතු කරන බව නිදහස් වෙළද කලාප හා පොදු සේවක සoගමය  සහ ස්ත්‍රී මධ්‍යස්ථානය චෝදනා කරයි.

කවිය හා ඡායාරූප  -  කුමාරසිරි ප්‍රසාද්

කෙල්ලද කොල්ලද කියලා නෑ මම දන්නේ



සoචාරක කඩඉමක් පසුකරමින්නේ
දස ලක්ෂය වැනි සoචාරකයත් ආවානේ
ගුවන් තොටේදී මහ ඉහළින් පිළිගන්නේ
දස ලක්ෂ වැනියා කෙල්ලද කොල්ලද කියලා නෑ මම දන්නේ








2014 වසරේ මෙරටට පැමිණි දස ලක්ෂය වන සoචාරකයා ඊයේ 28 සවස දිවයිනට පැමිණියේය. දස ලක්ෂය වන සoචාරක යුවල ලෙස බ්‍රිතාන්‍ය ජාතික ජොසුවා ග්ලැඩ්ස්ටේන් හා සොපී නාදන් ශ්‍රී ලoකා සoචාරක ප්‍රවර්ධන කාර්යoශයේ කළමනාකාර අධ්‍යක්ෂක රූමි ජව්ෆර් මහතා ඇතුළු සoචාරක ක්ෂේත්‍රයේ පිරිසක් විසින් ගුවන් තොටුපොළේදී පිළිගන්නා ලදී.





ඡායාරූප - කුමාරසිරි ප්‍රසද්- ගුවන් තොටුපොළ



Wednesday, August 27, 2014

සිටී නිවටුන් හැමතැන අප අතර

ඩෙනිමක් හැ යන කල මොඩ් එකට
විහිලු කරපු කොට කලිසමාහට 
උඩ පැන පැන දුන්නා කන් නෑසෙන්ට
සහයට කව්රුවත් ආවේ නෑනෙ මට

කැමරා ජoගම දුරකතන මානගෙන
වටේට ඉඳන් හොඳහැටි බලාගෙන
මුහුණු පොතට දාලා  දුන්න 
ප්‍රසිද්ධියට තුති පුදනවා ඔන්න

ගැටුමක් ඇතිවුන විටදී දෙන්නා දෙපසකට කර
මැදිහත් වෙලා අරවුල සමථ කර 
බැරිනම් පොලීසියට දෙන්නම යොමුකර
නීතිය  කිරීමට උදව්කර

කෙනෙක් සිටියානම්  එඩිතර
මෙය සිදුවීමකි සුළුතර
මානගෙන කැමරා බහුතර


සිටී නිවටුන් හැමතැන අප අතර


මුස්ලිම් තරුණියක් බැඳිලා හමුදා සේවේ


ඡායාරූපය - දිනමිණෙන්

රට රකිනා ලෙසට පෙරටම ආවේ
සිoහල දෙමළ තරුණියන් පමණයි හමුදාවේ
නව වෙනසක් ගෙන දෙමින් ඇන්නෑවේ
මුස්ලිම් තරුණියක් බැඳිලා හමුදා සේවේ


 ඉතිහාසයේ පළමු වරට මුස්ලිම් ජාතික තරුණියක් ශ්‍රී ලංකා යුද හමුදා සේවයට එක්වෙයි. තම මාතෘභූමිය ආරක්ෂා කර ගැනීමේ අරමුණින්,මොහොමඩ් වසීර් රිසානා නමැති මේ තරුණිය සමඟ ශ්‍රී ලංකා යුද හමුදා සේවයට  දමිල ජාතික තරුණියන් 36 දෙනකු එක්වූහ. විසිරයාමේ උළෙල බ්‍රිගේඩියර් ආර්. සම්මුගනාධන් මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රීකුණාමලය 22 වැනි බලසේනා මූලස්ථානයේ දී පැවැත්විණි.

Monday, August 25, 2014

කටුගෙට ගියා අවසන්වී සේවාව


හතළිස් වසරකට පෙර ගුවනට ආව
බෝයින් 747 ගුවන් යානාව
ජපානයේ මෙහෙයුම් අවසන්ව
කටුගෙට ගියා අවසන්වී සේවාව

වසර 40 ක් පමණ ජපානයේ ගුවන් සේවා සදහා දායකවූ බෝයින් 747 වාණිජ ගුවන් සේවා මේ වනවිට මෙහෙයුම් අත්හිටුවා ඇත. ජපානයේ ඕල් නිපොන් ගුවන් සේවයට  (All Nippon Airways) අයත්ව තිබූ අවසාන බෝයින් 747 400ඪ් වර්ගයේ ගුවන් යානය සිය අවසාන ගුවන් ගමන නාහා සිට ටෝකියෝ බලා ගමන් කරමින් ජපානයට අයත් බෝයින් 747 වාණිජ ගුවන් ගමන් නිල වශයෙන් අවසන් කල බව එම ගුවන් සේවයේ නියෝජිතයෙකු කටුනායක සOචාරක හෝටලයකදී  පැවසීය.
ජපානයට පැමිණි පළමු බෝයින් 747 යානය ලෙස පෑන් ඇමරිකන් ගුවන් සේවයට අයත් බෝයින් 747 ස් ගුවන් යානයක් ඇමෙරිකාවේ සිට 1970 මාර්තු පැමිණ ඇත. එම අවස්ථාව නැරඹීම සදහා දස දහසකට ආසන්න ජනතාවක් හනේඩා ගුවන් තොටුපොළට පැමිණ ඇත.
ජපාන ආර්ථිකය ගොඩනැඔවීම්ට හා 21 වන සියවසට අඛණ්ඩව පියාසර කිරීමට කැපවූ වෙහෙසකර කාර්යයට ස්තුතිය  බෝයින් 747 වෙත පළ කරන බව නම හෙලිකිරීමට අකමැතිවූ ජපාන ගුවන් නියමුවා වැඩිදුරටත් කීය.

Thursday, August 14, 2014

පිරිමින් එපා කියලා දැන් කියනා


සමතැන ඉල්ලමින් හඬනගනා  ලලනා
පිරිමින් එපා කියලා දැන් කියනා
මොන මගුලක් වෙන්න යනවාදැයි නොමදැනා 
රාළට අම්මපා හරියට දුක හිතුනා

"වනිතා හඬ"  ලලනාව පිරිමින් නැතුව නූතන කාන්තාවන්ට ජීවත් වෙන්න පුළුවන් කියල සැරට ලියල තිබුණ ලිපිය කියවලා රාළට හිතුණ දේ ඔය. ගහට වැලක් වගේ හිටිය අය මේ වගේ දැඩි තීරණ ගන්න පිරිමි අයගෙනුත්  වැරදි වෙලාද කියලා හිතෙනවා 
කොහොම උණත් කාන්තාවන්ට සමතැන නොවේ නිසිතැන දෙන්න ඕන කියල ලොවේ ගොඩක් පිරිමි අතරත් ලොකු සoවාදයක් තියෙන කාලයක් මේ 
වනිතා හඬ කියන හැටියට කාන්තාවෝ පිරිමි එක්ක තියෙන සහජීවනය නැවත්වුවොත් ඇත්තටම මොකද් වෙන්නේ

                                                                        සේයාරුව අන්තරෙන්
                          


මහ මග දමා යන කාලෙක දෙමාපියන්


  මහ මග දමා යන කාලෙක  දෙමාපියන්
   රැකදෙයි නිබද මා ආදර මගේ      පුතුන් 
   කර මත තබා මව් පිහිනුවෙ   බෝසතුන්
   දකිනට වරම් ඇත නුඹහට මෙතේ බුදුන්


Tuesday, August 12, 2014

ඔබහට නොපෙනේ ද වෙනදේ ගුවන් තොටේ


     මයුරා පිට වැඩ සිටින පින්බර රුහුණු      රටේ
     ඔබහට නොපෙනේ ද වෙනදේ ගුවන් තොටේ
     නූතන දඬු මොනරු ඉගිලෙන හැටට     හැටේ
     දෙවියනි ඔබේ වාහනයත් මකර            කටේ

මත්තල මොනරු දෙන්නෙක් එකවර අනතුරට ලක්වුන වෙලාවෙ තමා කතරගම දෙවියන්ට මේ කන්නලව්ව කලේ 
ලෝකයේ ගොඩක් ගුවන් තොටුපොළ වල කුරුල්ලෝ අනතුරට පත්වෙනවා කුරුල්ලෝ නිසා ගුවන් යානා බරපතල අනතුරුවලට ලක්වෙන්නත් පුළුවන් ඒ නිසා සෑම ගුවන් තොටුපොළකම කුරුල්ලන් එළවන්න විවිධ ක්‍රම යොදා ගන්නවා වැඩි කාලයක් කලේ කුරුල්ලන්ට වෙඩි තියන එක මේකට පුහුණු සේවකයින් හැම ගුවන් තොටුපොළකම ඉන්නවා මීට අමතරව නූතන ක්‍රමත් යොදාගන්නවා 
මත්තල ඉන්න මොනරුන්ට වෙඩි තියන්න බෑ  කතරගම දෙවියන්ගේ වාහනය නිසා 
මත්තල කරනවයි කියන්නේ සයිරන් නළා හඩ සහිත වාහනයක් ගුවන් පථය වටේ යන එක
මුල් කාලේ නම් ශබ්ද පූජා කලා කියලා විපක්ෂය චෝදනා කලා
කොහොම උනත් සත්තුන්ට ත් හානියක් නොවී ගුවන් තොටුපොළත් දියුණු වෙන්න කියලා රාළ බොක්කෙන්ම පාර්ථනා කරනවා

Sunday, August 10, 2014

මත්තල මොනරුනේ මගේ ගමට එන්න



       මම කුඩා කාලේ ජීවත්වුනු ගම මාතර කඹුරුගමුව එක් පැත්තකින් ඉන්දියන් සාගරයෙන් ද කුඩා වන ලැහැබ් වලින්ද  වැවකින්ද වෙල් යාය වලින්ද මගෙ ගම අලoකාර වුනා හාවුන් පසුපස කුඩාකල දිවගිය මතකය මට තාමත් මතකයි අපේ ගෙදර අසලම මීමින්නු කීපදෙනෙක් සිටියා නමුත් මොනරු සිටියේ නෑ අද ගම පුරාම මොනරු නිවෙස් උඩත් ඉන්නවා




                ඒ කාලෙ සිටියෙ නැති මොනරු මේ කාලෙ කොහොමද ගමට ආවේ මාතර කොළඹ අධි වේගී මග ඇතුළු සoවර්ධන වැඩ නිසා නිජබිම් අහිමි  වුනු මොනරු අපේ ගමට ඇවිත් කියලයි ගමේ අය කියන්නේ
 කොහොම උනත් ගමට ආපු මොනරු අද ගමේ කොටසක් වෙලා ඉද හිට  ගෙවත්තක පැලයක් කෑවට උන්ගෙන් වෙන වෙනත් අයහපතක් නෑ
පොඩි කාලේ අපිට දකින්න බැරි වුන මොනරු අපේ දරුවන්ට ගමේ සිටම බලන්න  ඇහැකි කියලා මගේ පාසැල් මිත්‍රයෙකු වන සුදත් පැවසුවේ



                       නිජබිම් අහිමි උන මේ මොනරුන්ට මගේ ගම අද රැකවරණය වෙලා
කතරගම දෙවියන්ගේ වාහනය වන මොනරු පැමිණීමත් ගමට ලොකු ආශීර්වාදයක් කියලයි මම හිතන්නේ



                    මගේ ගමට ආව මොනරු ගැන මෙහෙම සතුටු වුනත් මත්තල ඉන්න මොනරු ගැන සතුටු වෙන්න බෑ  මත්තල මොනරුනේ මගේ ගමට වරෙල්ලා කියලා කියනවට වැඩිය මට කරන්න වෙන දෙයකුත් නෑ

ටික කාලයකට පෙර ලියවුන මේ ලිපිය ත් එක්ක කතරගම දෙවියන්ට කන්නලව්වකුත් කලා ඒ කන්නලව්ව  වෙනම දාන්නම්

සා දුකින් පෙළෙන උන් දැන් ඉතින්......????

       


  සා දුකින් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියව් අන්තිම සටනට සැරසියව් මේක වැඩ කරන උන්ගේ ලොකුම සටන් පාඨයක් ඒ ඉස්සර  දැන් කම්කරුවන්ට නැගිටින්න බෑ ඔලුවට තොප්පි වැටිලා නිකම් තොප්පි නෙමේ පාට පාට තොප්පි අද නැගිටලා ඉන්නෙ මේ තොප්පිවල අයිතිකාරයෝ අද කම්කරුවෝ කියන්නේ තොප්පි අයිති කාරයන්ගේ රූකඩ උන්ට ඕන විදියට මුන් නැටවෙනවා

        කම්කරු නීති තියෙන්නේ පොත්වල නීති ක්‍රියාත්මක කරන්න ඉන්න කොමසාරිස්ලටත් පුලුවන් දෙයක් කරන්න කියලා පාට් දාන හාම්පුත්තු දැන් වැහි වැහලා රටේ නීති යටතේ කම්කරු සමිති හැදුවම  ඒවා පිලිගන්නේ නෑ කම්කරු නීති වලට අනුව සේවක ඡන්ද 40% ක් තිබුණම ඇති ඡන්ද 75% ක්තිබුණත් හාම්පුත්තු ගණන් ගන්නේ නෑ  ආයතයන නිවාඩු දෙනවා සේවකයින්ගේ නිවෙස් වලට අස්වීමේ ලිපි යවනවා කම්කරු  සමිති හැදුවොත් දඩුවම ඒකයි එතකොට බඩගින්නේ ඉන්න වෙන්නෙ රස්සාව නැතිවුන උන්ට රස්සා නැතිව තව කොටසක් ඉන්නවා උන්ට ඕන එදාවේල කන්න කීයක් හරි කම්කරු සමිති අර්ථසාධක ඒගොල්ලන්ට ඕන නෑ ඒ වගේ අය වැඩට ගන්න හාම්පුත්තු හරිම ආසයි අනියම් කොන්ත්‍රාත් සේවකයෝ කියන්නේ  මේ අයට මේ ගොල්ලොන්ව සපයන්න දැන් සමාගම් පවා ඇතිවෙලා කම්කරු අයිතීන් ගන්න ගිහින් රස්සාව නැති කරගත් අයත් මෙම සමාගම් හරහා ජීවත් වෙන්න රස්සා වලට යන කාලයක් තමා මේ

Saturday, August 9, 2014

මගේ ටිකිරි මොලේ

                  පසුගිය කාලේ මත්තලට ප්ලේන් එන්නේ නැති එක ගැන විපක්ෂය ට මාධ්‍යයට ගොඩක් හුටපටය එක එක්කෙනා එක එක දේවල් කීවෝය. මාධ්‍ය කැමරාවක් දැක්කම දත් තිස් දෙකම පෙන්වා සිනාසෙන අපේ ගුවන් තොටුපොළේ සභාපතිතුමා අපූරු කතාවක් කියා තිබිණි. ඒ මත්තල හදලා අවුරුද්ද වෙන කොටය ගුවන් යානා ආවේ නැතත් මත්තල උඩින්  A 380 යානා  යන බවය. ඒවායින් ආදායම් ලැබෙන බවය. උන්නැහෙගේ කටේ මසුරන් දාන්න ඕනෑය.
         මේක අහපු මට අපූරු අදහසක් ආවේය රටේ තවත් පැත්තක ගුවන් පථයක් හා  පාලන කුළුණක් පමණක් හැදුවොත් කියාය එතකොට ඒක උඩිනුත් ප්ලේන් යන්න පුරුදු වේවිය. ආදායම තවත් වැඩිවේවිය ගොඩනැගිලි නැති නිසා එයාර්පෝර්ට් කියලා කියන්න බැරිය ප්ලේන් එන්නේ නැත විපක්ෂයට මාධ්‍යයට නෝ කතාය 

Friday, August 8, 2014

නාවත් ගුවන් යානා මත්තලට රටින්



නාවත් ගුවන් යානා මත්තලට රටින්
A 380 යනවලු හැමදාම උඩින්
සල්ලිත් ලැබෙනවලු ආදායමත් හොඳින්
මගීන් නැතිව වේළුනාට මොකද ඉතින්....

Thursday, August 7, 2014

සේවක යහපතට සැමදා කැපවීම



සේවක යහපතට සැමදා     කැපවීම
ගල් මුල් මැදින් නිතරම    පැමිණීම
තොටුපොළේ යහපතට වැඩකරවීම
විඳි දුක් ගැහැට නොතකමි සැමදාම

ගුවන් තොටුපොළ හා සේවා (ශ්‍රී ලoකා) සාමාගමේ නිදහස් සේවක සoගමයේ නව නිළධාරී මණ්ඩලයේ වැඩ බාර ගැනීමේ උත්සවය ඉකුත් 25 දින කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී පැවත්විණි.ශ්‍රී ලoකා භික්ෂු බල මණ්ඩලයේ සභාපති නැදගමුවේ විජය මෛත්‍රී හිමි,  සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියන්කර ජයරත්න නියෝජ්‍ය අමාත්‍ය ගීතාoජන ගුණවර්ධන ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් ගුණරත්න ගුවන් තොටුපොළ සභාපති ප්‍රසන්න වික්‍රම සූරිය උප සභාපති කමල් රත්වත්තේ විධායක අධ්‍යක්ෂක ජොහාන් ජයරත්න නිදහස් සේවක සoගමයේ ප්‍රධාන ලේකම් ලෙස්ලි දේවෙන්ද්‍ර මහත්වරු ඇතුළු ආරාධිත අමුත්තන් හා සේවකයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.

මට කිසිම වෙනසක් ලැබෙන්නේ නෑ මෙම තනතුර ලැබුනා කියලා ශ්‍රී ලoකා කාරයෙක් නිසා මගේ නූපන් සහොදරයෝ මට අහිමි වුනා ඒ එක්සත් ජාතික පක්ෂයේ පා පහරවල් වලින් මගේ නිවස දෙපාරක් අහිමි වුනා අවුරුදු 17 ක් 94 චන්ද්‍රිකා මැතිණිය බලයට එනකන් අපි දුක් වින්දා මගේ ජීවිතයේ වසර 17 ක් පරාජය වුනා ඉතිරි 18 ජයග්‍රහණ්ය කළා ජය පරාජය සමබරව විදපු මට අද කිසිම වෙනසක් දැනෙන්නේ නෑ මම අද මගේ දිනය හැටියට නොව වැඩි ඡන්දයේ මාව පත්කල ගුවන් තොටුපොළේ සේවකයින්ගේ දිනය ලෙස මම සතුටු වෙනවා යැයි නව සේවක සoගම් සභාපති එම් ඩබ් බී මුහන්දිරම් උත්සව සභාව අමතමින් පැවසීය.
පසුගිය සේවක නිළවරණය එක එක ආකාරයට අර්ථකතනය කලා ගුවන් තොටුපොළේ අනාගතය තීන්දු කරන ඡන්දය, සභාපතිතුමා දිනවන ඡන්දය, මුහන්දිරම් ගෙදර යවන ඡන්දය,  උප සභාපතිතුමා ගෙදර යවන ඡන්දය, අoශ ප්‍රධානීතුමාලාගේ ඡන්දය,ආයතනයට ආදරය කරන අයගේ ඡන්දය හා නොකරන අයගේ ඡන්දය ලෙස නමුත් ගුවන් තොටුපොළ සේවකයෝ මටවත් කවදාවත් බිදින්න බැරිලෙස වැඩි ඡන්ද 582 කින් තමුන්ගේ සභාපතිවරයා තමුන්ගේ හඞ ලෙස මාව පත් කරගත්තා මම ඔබ සැමට ගෞරවය පුදකරන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

මේ ආයතනයේ කම්කරුවාගේ සිට අoශ ප්‍රධානියා දක්වා පීඩනය තිබුණා අපියි ජනාධිපතිතුමාගේ සැබෑ නෑදෑයෝ ශ්‍රි ලoකා නිදහස් පක්ෂයේ සෑබෑ නෑයෝ ජාත්‍යන්තරය ලෑස්තිවෙලා ඉන්නේ අපේ ජනාධිපතිතුමාට ගහන්න හැබැයි මේ රටේ එක පොල්ලක් උස්සන්න බෑ සැබෑ ශ්‍රී ලoකාකාරයෝ ඉන්නකම්
ගුවන් තොටුපොළේ සභාපතිතුමා එක්ක අපිට කිසිම ගැටුමක් නෑ එතුමාගේ නම විකුණලා භීෂණය වපුරපු කණ්ඩායම් මෙතන හිටියා ඒවා පැහැදිලිව බලන්න කෙනෙක් හිටියේ නෑ ඉතිහාසයේ පළමු වතාවට  තේකොළ සීනි ටික නැතුව පසුගිය කාලයේ අපි හිටියා ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ නිළ ඇදුම නැතිව අපි හිටියා  මේ කාරණය සභාපතිතුමාට කියන්න වෘතිය සමිතියක් හිටියේ නෑ අoශ ප්‍රධානීන් බයට ගියේ නෑ ප්‍රධානින්ට බයට සේවකයා එක් රැස් වුනේ නෑ
 ගුවන් තොටුපොළේ මහින්ද චින්තනය පසුගිය කාලයේ ක්‍රියාත්මක වුනේ නෑ මහින්ද චින්තනය නැවත ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ මැයි 27 පැවති සේවක නිළවරණයෙන් පස්සේ මේ රට බේරා ගත්තු දෙවන නිදහසේ පියාට ජනාධිපතිතුමාට ඉදිරි මැතිවරණවලදී  විරුද්ධව කතිර වැටෙනවට මම කැමති නැති නිසා තමා මේ ටිකත් කිව්වේ ඒ නිසා ඉදිරි මැතිවරණ වලදී පෙරටත් වඩා හොදින් නිදහස් සේවක සoගමය වැඩ කන බව ද මුහන්දිරම් පැවසීය.
රුපියල් දස දහසක වැටුප් වැඩිවීමක් ඇතුළු  සේවක ඉල්ලීම් අටක් ගුවන් සේවා ඇමතිවරයාට යොමුවූ අතර ඔහු ඒ පිළිබදව කටයුතු කිරීම ගුවන් තොටුපොළ සබාපතිවරයාට පැවරුවේය.
ගුවන් තොටුපොළේ නව පත්වූ සේවක සමිතිය  ඉතා හොද ආදර්ශයක් අපිට මුළු ලoකාවෙම සේවක සමිති වලට දීලා තියනවා මම හිතන විදියට සේව්‍ය සේවක යහපත් සබදතාවක් ගුවන් තොටුපොළේ තියනවා සේවක ඉල්ලීම් පිළිබදව ගුවන් සේවා ඇමතිතුමාගේ උපදෙස් පරිදී කටයුතු කරන බව ගුවන් තොටුපොළ සමාගමේ සභාපති කර්නල් ප්‍රසන්න වික්‍රමසූරිය මහතා පැවසීය.




ඔබ කල මෙහෙය මහ ඉහලයි මව්බිමට








බර උසුලමින් තරඟෙට ගිය කලට
රිදී පදක්කම ගෙන ආවා රටට
රටේ බරත් ඔසවා තව උඩට
ඔබ කල මෙහෙය මහ ඉහලයි මව්බිමට


විසිවැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගිවී  රිදී පදක්කමක් අතැතිව පැමිණි බර ඉසිලීමේ ශූර සුදේශ් පීරිස් 
ගුවන් තොටුපොල විශේෂ අමුත්තන්ගේ පර්ජයන්තයේදී ශ්‍රී ලංකා බර ඉසිලීමේ සංගමය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් පිළිගත් අයුරු.







ගුවන් තොටුපොළේදී අදහස් පළකරමින්








Wednesday, August 6, 2014

බුදුන් උපන් බිම බලන්න වන්දනාවෙ යන්න


බුදුන් උපන් බිම බලන්න වන්දනාවෙ යන්න
අපහසුතා මගහැරෙනව ලොව සැමටම ඔන්න
ලුම්බිණියට ගුවන් මගින් එක දිගටම යන්න
ගුවන් තොටක් ගොඩනගනව නේපාලය  මෙන්න

සිදුහත් කුමරු උපන් ලුම්බිණිය ආශ්‍රිතව අන්තර් ජාතික ගුවන් තොටුපොළක් ඉදිකිරීමට නේපාල රජය පියවර ගෙන ඇත.චීන රජයේ ආධාර මත ඉදිකෙරෙන මෙම ගුවන් තොටුපොළ ගෞතම් බුද්ධ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ලෙස නම්වේ. ඇමෙරිකානු ඩොලර් බිලියන තුනක වියදමින් ඉදිවන නව ගුවන් තොටුපොළේ  2017 ජුනි මාසයේදී වැඩ නිම කිරීමට නියමිතයි.
සෞදි අරාබියේ මක්කම පූජා නගරයට සමාන අයුරින්  ගුවන් තොටුපොළ අවට විශේෂ සoවර්ධන කලාපයක් ඇති කිරීමට නේපාල රජය බලාපොරොත්තුවේ.සoචාරක, වන්දනා හා අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස මෙම කලාපය  ක්‍රියාත්මක කිරීමට නේපාල රජය සැලසුම්කර ඇත.