Sunday, December 13, 2015

කටුනායක කලාපේ හෙට පාරට





              ආයෝජන මණ්ඩලය යටතේ පවතින නිදහස් වෙළඳ කලාප පාලනය පෞද්ගලික සමාගම් වලට පැවරීම, පෞද්ගලික අoශයට පොරොන්දුවූ 2500 වැඩිවීම මේ දක්වා නීතිගත නොකිරීම පැය 8 ක වැඩ දිනය අහෝසි කිරීම ඇතුළු අයවැය යොජනා වලට එරෙහිව කටුනායක නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවෝ  කටුනායකදී හා යක්කල පොලිටෙක්ස් සේවක සේවිකාවෝ යක්කලදී හෙට 14 උදෑසන විරෝධතා අරඹන බව නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සoගමය කියයි.

   මේ වනවිට කටුනායක කලාප සේවක පිරිස් විරෝධතා පාඨ ඇතුලත් පෝස්ටර් නිර්මාණය කරමින් සිටිති










Wednesday, December 9, 2015

අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට බය වුනේ නෑ

  1.                                          



  • අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට බය වුනේ නෑ ගරු කලා වර්තමාන ඇමතිතුමාටත් බය නෑ ගරු කරනවා යැයි ගුවන් තොටුපොළ හා සේවා සමාගමේ නිදහස් සේවක සoගමයේ සබාපති එම් ඩබ් බී මුහන්දිරම් ගුවන් තොටුපොළ සේවකයින් අමතා පැවසීය.

  • ගුවන් තොටුපොළ සමාගමේ සේවකයින්ගේ ප්‍රවාහන සේවය කිලෝ මීටර 50 දක්වා අඩු කිර්‍රිම, ප්‍රසාද දීමනා මුදල සීමාකිරීම ඇතුළු ගුවන් තොටුපොළ සේවක අයිතිවාසික කප්පාදු කිරීමට ගුවන් සේවා ඇමතිවරය ගෙන ඇති තීරන පිළිබඳව සේවකයි දැනුවත් කිරීමේ රැස්වීමක් අමතා ඔහු ඉකුත් දා එසේ කීය

  • ඉල්ල්ලීම ගණනාවක් ලබාදෙන ලෙස ඉල්ලා ප්‍රවාහන හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතාට ලිපියක් මගින් ඉල්ලීම් කර ඇති බව පවසන මුහන්දිරම් ප්‍රතිචාර අයහපත් වන්නෙ නම් දෙසැම්බර් 15 වන දා සිට සේවක විරෝධතා ආරම්භ කරන බව පවසයි.

                               

Tuesday, November 17, 2015

ධාතූන් වහන්සේලා මෙරටට



මයිගණ රජ මහා විහාරයේ සිට තායිලන්තයේ බුද්ධාමන්තාන් විහාරයට එරට ජනතාවට වන්දනා කිරීමට රැගෙන ගිය ධාතූන් වහන්සේලා ඊයේ මෙරටට වැඩම කරවන ලදී. එරට උප අගමැති Wissanu Krea-ngam  මහතා ඇතුළු විශේෂ දූත පිරිසක් ධාතූන් වහන්සේලා වැඩමවීමට මෙරටට පැමිණියහ.

Monday, November 16, 2015

කවදද මින්පෙර කහ කොඩි නැගුනේ



                 පන්සල පල්ලිය කෝවිල මුදුනේ
               කවදද මින්පෙර කහ කොඩි නැගුනේ
                 ඔබ කල සේවයටම හිමි සඳුනේ
               සියළු දනන් නෙත කඳුලින් තෙමුනේ

Friday, October 30, 2015

කර්ණාටක බෞද්ධ වන්දනා කණ්ඩායමක්


ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බෞද්ධ වන්දනා කණ්ඩායමක් ඊයේ 28 මෙරට වන්දනා සoචාරයක් සඳහා පැමිණියේය.ඉන්දීය ජාතික පූජ්‍ය භන්තේ වරජෝති (Ven.Bhante Varajyoti ) හිමියන්ගේ නායකත්වයෙන් පැමිණි මෙම කණ්ඩායම දළදා මාළිගය කැළණිය ඇතුළු අනුරාධපුර අටමස්ථානය ඇතුළු මෙරට පූජනීය ස්ථාන වන්දනා කිරීමට නියමිතයි.

Sunday, October 25, 2015

අමාලීට සම්මාන



ඇදුමෙන් පැළඳුමෙන් තම හැකියාවෙන්
පරදා නන්දෙසින් ආ රූ රැජිණන්
දිනූ සම්මාන අරගෙන සුරතින්
ඈ පැමිණියා මව් රට අභිමානෙන්



පිලිපීනයේ පැවති ගෝලීය රූ රැජින 2015 තරඟාවළියේදී හොඳම ජාත්‍යන්තර ඇඳුම් පැළඳුම් සම්මානය හා දක්ෂම කුසලතා නිරූපිකාවන් තිදෙනා අතරට තේරීපත්වූ අමාලී  ඉන්දීවරී මව්බිමට පැමිණියාය. කැනඩාව, එoගලන්තය, නෝර්වේ, පෝලන්තය,  ඇමෙරිකාව, ජපානය, ජර්මනිය, ඉතාලිය, කැනඩාව ඇතුළු රටවල් රැසක තරඟකාරියෝ  50 ක් පමණ මෙම තරඟාවලියට සහභාගීවූහ.අමාලී ඉන්දීවරී, Amaali with Stars නර්තන කණ්ඩායමේ නායිකාවවේ.

                                                                                                                                                            ඡායාරූපය  -  ගුවන් තොටුපොළ  -  කුමාරසිරි ප්‍රසාද්

http://hottimesasia.com/2015/10/26/miss-global-2015-best-national-costume-best-talent-amalie-indeewari/

Monday, September 21, 2015

මරණ දඩුවම






        රට පුරා පිළිලයක්ව ඇති කාන්තා හා ළමා දූෂණ හා ඝාතන මර්ධනයට මරණ දඩුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා බෞද්ධ භික්ෂූණ් වහන්සේ පෙරටු කොටගත් කටුනායක ආඩිඅම්බලම ප්‍රදේශයේ    ජනතාව උද්ගෝශණය කරමින් විරෝධතාවක නිරතවූහ. ආඩිඅම්බලම සමගි  ත්‍රිරෝද රථ සoගමය මෙම විරෝධතාව සoවිධානය කල අතර ප්‍රදේශයේ ජනතාව  සමග දැවමොට්ටාව අභයරාජ විහාරයේ විහාරාධිපති දැවමොට්ටාවේ මලියදේව,සන්සයිඩ්වත්ත      සිරිසුමoගල විහාරයේ විහාරාධිපති දැවමොට්ටාවේ සුමoගල හිමිවරු මෙම අවස්ථාවට සහභාගීවූහ.

Tuesday, September 15, 2015

රතු පස්වල බ්‍රිගේඩියර්



       රතු පස්වල ජනතාව ජලය ඉල්ලා කල උද්ගෝෂණ‍ය්දී වෙඩිතැබීමට අණ දුන් බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා තනිවම ගුවන් තොටුපොළින් පිටව ගිය බව පොලිස් නිළධාරියෙක් පැවසීය. ගුවන් තොටුපොළේ පිටුපස දොරටුවකින් ඔහු පලාගිය බවට ඇතැම් මාධ්‍ය වල පලවූ වාර්තා අසත්‍ය බව ඔහු වැඩිදුරටත්  පැවසීය.
උදෑසන අටට කටාර් සිට බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා පැමිණෙන බව කියමින් තෙරි පැහැ සිරිධම්ම හිමි ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ ඉදිරිපිට බුදු පිළිමය ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.
සමාජ සුභසාධන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා දුන් දුරකථන ඇමතුමකට අනුව සිරිධම්ම හිමි ඇතුළු පිරිස විසිර ගිය බව පොලිස් නිළධාරියෙක් පැවසීය.බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා ගුවන් තොටුපොළින් පිටව යන අවස්ථාවේ රතුපස්වල ජනතාව හෝ සිරිධම්ම හිමියෝ ගුවන් තොටුපොළේ නොසිටි බව ඔහු වැඩිදුරටත් පැවසීය.
බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා රතුපස්වල ජනතාව මගහැර පිටුපස දොරටුවකින් පලාගිය බවට ඇතැම් මාධ්‍ය වාර්තා පිළිබදව අදහස් දැක්වූ ගුවන් තොටුපොළේ නිළධාරියෙක් ගුවන් මගීන්ට රටට ඇතුළුවීමට පිටුපස දොරටු හෝ රහස් දොරටු නොමැති බවත් රටට පැමිණෙන ගුවන් මගීන් ආගමන කටයුතු නිමකර රේගු පරීක්ෂණ වලින් පසු නිෂ්චිත දොරටු වලින් පමණක් ගුවන් තොටුපොළි පිටවිය යුතු බව  පැවසීය.


Friday, June 5, 2015

නාමල් ආයෙත් ගී ගයයි

 
ජනප්‍රිය ගායක නාමල් උඩුගම මීට සුළු වේලාවකට පෙර මව්බිමට පා තැබුවා ඉන්දියාවේදී ප්‍රතිකාර ලබා සිය බිරිද සමග පැමිණි ඔහු ගුවන් තොටුපොළෙදී ගීයක කොටසක් ගැයූ අයුරුයි මේ

Saturday, May 23, 2015

සන්නාලියගේ සිරුර ගොඩගනී



      කටුනායක ඇගළුම් ආයතනයක දී ලබාගත් ආහාර විසවී මියගියා යැයි සැලකෙන තන්ගල්ල උස්වැව ඇලෙන් එගොඩ පදින්චිව සිටි කළුාරච්චිගේ ඤානවතී නැමති සේවිකාවගේ මෘත දේහය ගොඩ ගන්නා ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත්වරයා  නියෝග බව කටුනායක පොලීසිය කියයි.
       ඉකුත් වසරේ සැප්තැම්බර් 05 දින රෝගීව මීගමු රෝහල ට ඇතුළත් කළ ඇය 07 දින දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී  මියගිය බව ඩාබුදු සාමුහිකයේ චමිලා තුෂාරී පැවසුවාය.
       මීගමුව මන්කුලිය ප්‍රදේශයේ ආහාර සැපයුම් ආයතනයකින් ලබාදුන් ආහාර විසවීමෙන් මියගිය සේවිකාව සමග ඇගළුම් සේවක සේවිකාවන් සියයකට වැඩි පිරිසක් රෝහල් ගතකර ඇත.
      මියගිය සේවිකාවගේ මරණය සැක සහිත බව ට මියගිය සේවිකාවගේ සොහොයුරියක වන කළු ආරච්චිගේ කාන්ති නැමති අය කටුනායක පොලීසිය ට  පැමිණිලි කර ඇත.
     මෙම මරණය, මොළයේ අබ්‍යන්තර රුධිර වාහිනීවල රෝගී තත්වයක් නිසා හටගත් රුධිර වහනයකින් වූ මරණයක් ලෙස  මරණ  පරීක්ෂණ වාර්තාවේ සදහන් වන බව පොලීසිය කියයි.

Monday, May 18, 2015

ද වෙයිලර්ස් ලOකාවේ







ජනප්‍රිය ජැමෙයිකානු සන්ගීත කණ්ඩයමක් වන ද වෙයිලර්ස් කණඩායම අද  සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් මෙරටට පැමිණියේය.ගල්කිස්ස පැරඩයිස් බීච් හෝටලයේදී මෙම කණ්ඩායම හෙට (19) සවස 7 ට සOගීත ප්‍රසOගයක් පවත්වයි.
ඡායාරූපය- කුමාරසිරි ප්‍රසාද් - ගුවන් තොටුපොළ


Wednesday, May 13, 2015

යුධ සමයේ ඉන්දියාවට පලාගිය



         යුධ සමයේ ඉන්දියාවට පලාගිය ලාoකික පුරවැසියන් 65 දෙනෙක්  තම මුල් ගම්බිම් වල පදිoචිවීම සදහා ඊයේ මෙරටට පැමිණියහ. ශ්‍රී ලoකන් ගුවන් සේවයේ යූ එල් 132 ගුවන් යානයෙන් ඉන්දියාවේ ට්‍රිචි නුවර සිට 41 දෙනෙක් හා යූ එල් 122 ගුවන් යානයෙන් චෙන්නායි සිට 24 දෙනෙක් පැමිණි අතර මල්මාලා පළදා ඔවුන් පිළිගන්නාලදී.
නැවත පදිoචි කිරීම, ප්‍රතිසoස්කරණ හා හින්දු ආගමික කටයුතු ඇමති ඩී. එම්. ස්වාමිනාදන්, එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබද මහ කොමසාරි කාර්යාලයේ මෙරට නියෝජිත අමාත්‍යoශ ලේකම් රoජනී නටරාජා පිල්ලෙයි හා අතිරේක ලේකම් එම්.එම්. නයිනමුදීන් යන මහත්ම මහත්මීන් මෙම පිරිස පිළි ගැනීමට ගුවන් තොටුපොළට පැමිණ සිටිය


Tuesday, May 12, 2015

නේපාලයේ සිට






නේපාලයේ සහන කටයුතු වල නිරතවූ ලාoකික හමුදා හා සිවිල් කණ්ඩායම පෙරේදා රාත්‍රී ආපසු පැමිණියහ.
ශ්‍රී ලාංකික හමුදා සහන කණ්ඩායමට ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් නිළධාරීන් 14 දෙනෙක්  සහ හමුදා සාමජිකයෝ  127 ක්, සිවිල් වෛදය උපදේශකවරු  4 දෙනෙක්  ඇතුලත් වුහ.  මේජර් ජනරාල් මෛත්‍රී ඩයස්  එහි  අණ දෙනා නිළධාරීයා වශයෙන් කටයුතු කල අතර බ්‍රිගේඩියර් ජගත් ගුණවර්ධන නියෝජ්‍ය අණ දෙන නිළධාරීයා විය.

Monday, May 4, 2015

බුදු හාමුදුරුවනේ !


               වෙසක් පොහෝ දින පසුදා     දිනයට
               නිවාඩු නැතිකොට දෙදාහක් දෙනවිට
               යන කල මේකද?     ආගම     දහමට
               බොදු බල සේනා      එයිදෝ සටනට?

                                                       ඡායාරූපය හා කවිය කුමරසිරි ප්‍රසාද්


Sunday, May 3, 2015

කාන්තාවන් සදහා වෘත්තීය සමිතියක්






          කාන්තාවන් සදහාම ආරම්භ කරනලද වෘත්තීය සමිතියක් වූ කාන්තා සහයෝගිතා සoගමයේ මැයි රැළිය ඉකුත් පළමුවනදා කොළඹදී පැවත්විණි.සහයෝගිතා සoගමයේ සභාපතිනි පද්මිණී වීරසූරිය මහත්මියගේ නායකත්වයෙන් කටුනායක බියගම, කොග්ගල, වතුපිටිවල වෙළද කලාප සේවිකාවෝ හා වව්නියාව, මඩකලපුව හා නුවර ප්‍රදේශවල සිoහල හා දමිළ කාන්තාවෝ මෙම රැළියට සහභාගීවූහ.සී එම් යූ වෘත්තීය සමිතිය හා එක්ව පැවති මෙම  මැයි රැළියෙන් පසු ඒකාබද්ධ රැස්වීම සී එම් යූ බාලා තම්පෝ සම්පත් මධ්‍යස්ථානයේදී පැවත්විණි.
               
                            සම්ප්‍රදායික වෘත්තීය සමිතිවලින් වැටුප් වැඩිවීම් ඇතුළු සේවක ගැටළු වලට විසදුම් ලැබුනත්,කාන්තාවක් වීම නිසාම වැඩකරන කාන්තාවන් මුහුණදෙන බොහෝ ප්‍රශ්ණ වලට මැදිහත්වීමට නව කාන්තා සහයෝගිතා සoගමයයේ අරමුණ බව පද්මිණී වීරසූරිය පැවසීය.



Friday, May 1, 2015

''ඒකාධිපති හිට්ලර් '' නිසා



        ''ඒකාධිපති හිට්ලර් '' පොස්ටරය නිසා මගේ මුද්‍රණාලයේ දහතුන් දෙනෙක් අත් අඩoගුවට ගත්තා, මගේ බිරිඳ හා  ඇයගේ සොහොයුරන් අත් අඩoගුවට ගත්තා  මගේ මූලික අයිතිවාසිකම් නඩුවේදී ශෙෂ්ඨාධිකරණය හදිසි නීති යටතේ මුද්‍රණාල වටලන්නේ නැති බව ප්‍රකාශ කලා
     බිරිඳ හා සොහොයුරන් පැවරූ මූලික අයිතිවාසිකම් නඩුව ඉවත් කරගන්නා ලෙස ගෝඨාභය රාජපක්ෂ ගේ මැර කණ්ඩායම් අපට නිතර තර්ජනය කලා, තර්ජන හමුවේ නඩුව පවත්වාගෙන යාම්ට රටින් පිටව ගිය බව පතුල වෙබ් අඩවියේ සoස්කාරක ජයම්පති බුලත්සිoහල  (30) අළුයම ගුවන් තොටුපොළේදී  පැවසීය.
     වසර හතරකට ආසන්න කාලයක් රටි පිටව සිට සිය බිරිඳ සමග නේපාලයේ සිට  පැමිණි මොහොතේ ඔහු  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී එසේ කීය.
      නේපාලයේ සහන කටයුතු වලට දෙවන හමුදා කණ්ඩායම රැගෙන එරටට ගිය ශ්‍රී ලoකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයේ ඔවුන් සමග පැමිණි ලාoකිකයින් අතර මාධ්‍යවේදී ශාන්ත බණ්ඩාර ද පැමිණි බව ඔහු කියයි.
      ජයම්පති බුලත්සිoහලගේ බිරිඳ කුමුදුනී විජේවර්ධන මේසේ පැවසුවාය.
     එයා ගහපු පෝස්ටරයකට ත්‍රස්ත විමර්ශණ ඒකකයෙන් මා හා මගේ සොහොයුරන් දෙනා අත් අඩoගුවට ගත්තා ඊට එරෙහිව පැවරූ මූලික අයිතිවාසිකම් නඩුව නිසා ගෝඨාභය රාජපක්ෂගෙන් තර්ජන තිබුණා
2011 දී අපි ඉන්දියාවට ගියා පසුව නේපාලයට ගියා එක්සත් ජාතින්ගේ සරණාගතයින් පිළිබද මහ කොමසාරිස් කාර්යාලයේ රැකවරණ අපට ලැබුණා
නේපාල ජනතාවට අප ස්තුති වන්ත වෙනවා අපගේ ජීවිත රැගන්න උදව් කලාට
ජයම්පති බුලත් සිoහල මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.
        අපි සිටි පන්සල අසල තට්ටු බිල්ඩිම කඩන් වැටුනා ඒ අතරින්  (29) වෙනකම් ළමයි අඩනවා ඇහුණා ඉන්දීය හමුදාව, නේපාල හමුදාව ආවත් බේරාගන්න බැරිවුනා සමහර තැන් තවමත් අවධානම්
    විදේශ ආධාර නැතිව නේපාලය තවත් වසර දහයකටවත් ගොඩ ගන්න බෑ මා හිතනවා අපේ රජය හා ජනතාව මේ රටට උදව් කරන්න ඕන කියලා
     කොහොමත් යහපාලනය ආවට පස්සේ ලoකාවට එන්න සිටියේ
හොරුන්ට හා දූෂකයින්ට එරෙහිව යහපාලන රජය යටතෙ නැවතත් මාධ්‍ය කරන්න සූදානම්

Thursday, April 30, 2015

මේ කව්ද? කොයි සිටද එන්නේ?



              ඒකා අධිපති හිට්ලර්      කියලා
              ගැහුවා පෝස්ටර් අතදිග ඇරලා
            ඉන්නට බැරි තැන මේ රට හැරලා
             දෙන්නම හිටියේ දුරුරට පැනලා

Wednesday, April 29, 2015

වම් අකු ධාතූන් වහන්සේ මෙරටට






              ගෞතම බුදුන් වහන්සේගේ වම් අකු ධාතූන් වහන්සේ අද අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින්  මියන්මාරයේ සිට මෙරටට වැඩම කරවන ලදී. සම්බෝධි විහාරාධිපති දරණාගම කුසලධම්ම නාහිමි ප්‍රධාන සoඝරත්නය හා විදේශ කටයුතු ඇමති මoගල සමරවීර,  කරු ජයසූරිය, දයා ගමගේ  හා ඒ.එච්. එම් ෆවිසි යන මැති ඇමතිවරු ගුවන් තොටුපොළේදී ධාතූන් වහන්සේවන්දනා කල අයුරු. 
ඡායාරූපය - කුමාරසිරි ප්‍රසාද්
 

නේපාලයට සහන රැගෙන







     ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හා ආධාර තොගයක් රැගත් ශ්‍රී ලoකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් කත්මණ්ඩු බලා පිටත්ව ගියේය. ආපදා කළමනාකරන ඇමති ඒ එච් එම් පව්සි දයා ගමගේ හා කාන්ති ගමගේ යන මහත්ම මහත්මීන් රජය නියෝජනය කරමින් එම ගුවන් යානයෙන් නේපාලය බලා පිටත්විය.
නේපාලයේ විපතට පත් ජනතාවට සහන සැලසීම ට පිටත්වගිය සහන කණ්ඩායමට යුධ හමුදාවේ 70ක්, ගුවන් හමුදාවේ 11 ක්, නාවික හමුදාවේ 14ක් හා ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් වෛද්‍යවරු තිදෙනෙක් ඇතුලත්වූහ.

      ටොන් 28ක් පමණ බර වෛද්‍ය උපකරණ, වියලි ආහාර, පානීය ජල බෝතල්, ජoගම මෙට්ට්ට ඇතුළු ද්‍රව්‍ය මෙම ගුවන් යානයෙන් නේපාලයට රැගෙන යන ලදී.


Tuesday, April 21, 2015

බැසිල් කියන හැටි






   යහපාලන රජය පත්වීමත් සමග රටින් පිටව ගිය හිටපු ආර්ථික සoවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා අද දිවයිනට පැමිණියේය.


ඔහු ගුවන් තොටුපොළේදී කල කථාව


Wednesday, April 8, 2015

යේමනයේ සිට මව් රටට



        යේමනයේ යුද ගැටුම් හේතුවෙන් චීන රජය මුදාගත් ශ්‍රී ලාoකික විසිපස් දෙනෙක් ඊයේ රාත්‍රී දිවයින්ට පැමිණියහ. ඇමති අජිත් පෙරෙරා, ඇමතිනී තලතා අතුකෝරාළ හා මෙරට චීන උප තනාපති රෙන් ෆැකියැන්ග් යන මහත්ම මහත්මීන් විසින් පිරිස ගුවන් තොටුපොළේදී පිළිගන්නා ලදී.




Tuesday, March 31, 2015

ගුවන් තොටුපොළේ කාන්තා දිනය

         

    2015 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විශේෂ සැමරුම් උත්සවයක් ඊයේ කටුනායක ගුවන් තොටුපොළේදී පැවත්විණි. ගුවන් තොටුපොළ හා සේවා සමාගමේ විධායක අධ්‍යක්ෂිකා රුවිනි ඩයස් බණ්ඩාරනායක මහත්මියගේ උපදෙස් මත පැවත්වූ මෙම උත්සවය  එම සමාගමේ සේවා වනිතා ඒකකය මගින් සoවිධානය කෙරිණි.
විවිධ අධ්‍යාපනික වැඩ සටහන් අතර ගුවන් තොටුපොළ සේවිකාවෝ විලාසිතා දැක්මක් ඉදිරිපත් ඉදිරිපත් කලහ.

Monday, March 30, 2015

ග්‍රාමීය පාසලකට එoගලන්තයෙන් අතහිත




දකුණු පළාතේ හබරාදුව ප්‍රදේශයේ   ග්‍රාමීය පාසල් හා ආගමික ස්ථාන කීපයක සoවර්ධන කටයුතු වලට මුල්‍ය ආධාර ලබාදීමට බ්‍රිතාන්‍යයේ ලිට්ල් හැම්ප්ටන් පාසලේ සිසුන් හා ගුරුවරුන් පිරිසක් මෙරටට පැමිණියේය. සිව්වන වතාවට මෙරටට පැමිණි මෙම පිරිස මෙම වැඩසටහනට අවශ්‍ය මුදල් සොයා ගැනීමට එරටදී විවිධ කටයුතු වල නියලී ඇත.

Thursday, March 26, 2015

රුවන්පුර රැලියට පෙර


රත්නපුර රැළියට ගිය ප්‍රසන්න රණතුoග තොටුපොළේදී කල කථාව



Wednesday, March 25, 2015

ප්‍රසන්නත් රත්නපුරේ යයි


අද රත්නපුරයේ පැවත්වෙන මහින්ද රජපක්ෂ මහතා අගමැති අපේක්ෂක කරවීමට බලකිරීමේ ජනරැළියට සහබාගී වන බව බස්නාහිර පළාත් මහ ඇමති ප්‍රසන්න රණතුoග මහතා ගුවන් තොටුපොළේදී කීය .ඔහු ඕස්ට්‍රලියාවේ සිට මෙරටට පැමිණෙන අවස්තාවට විශාල පිරිසක් ගුවන් තොටුපොළ ට පැමිණ සිටියහ.




Sunday, March 8, 2015

ජාත්‍යන්තර කාන්තා දින සැමරුම

               
කටුනායක,බියගම,කොග්ගල හා වතුපිටිවල වෙළද කලාප සේවිකාවන් හා වව්නියාව මඩකලපුව හා නුවර ප්‍රදේශවල කාන්තාවන්ගේ සහභාගීත්වයෙන්
ජාත්‍යන්තර කාන්තා දින සැමරුමක්  කටුනායකදී පැවත්විණි. ස්ත්‍රී මධ්‍යස්ථානය සoවිධානය කල, කටුනායක ඇවරිවත්ත ඔරලෝසු කණුව අසලින් ආරම්යවූ කාන්තා පෙළපාළිය වෙළබඩපාර ක්‍රීඩාපිටිය දක්වා ගමන්කර එහිදී රැස්වීමක් හා සoගීත සoදර්ශණයක් පැවත්විණි.
ස්ත්‍රී මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂිකා පත්මිණී වීරසූරිය ශ්‍රමයේ අබිමානය සුරකීම හා දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩිකිරීම  මෙවර තම කාන්තා දින සැමරුමේ ප්‍රධාන තේමා බව පැවසුවාය.

Thursday, February 26, 2015

තොටුපොළේ ආරක්ෂක ප්‍රධානි ඉවතට

               

          

              ගුවන් තොටුපොළ සේවකයින්ට ඉකුත් කාලයේ කායිකව මානසිකව එල්ලවූ සියළු පීඩනයන් පිළිබදව රටට ජනතාවට හෙලිකල මාධ්‍යවලට අනේකවාරයක් ස්තුතියි ඒ වගෙම ගුවන් තොටුපොළේ ආරක්ෂක අoශයට පිළිලයක්වී සිටි පොඩි ප්‍රභාකරන් නොහොත් ආරක්ෂක ප්‍රධානී චින්තක කුමාරණසිoහ වෙනත් අoශයකට මාරුකල ගුවන් සේවා ඇමති අර්ජුන රණතුoග සභාපති ආනන්ද විමලසේන උපභාබාපති සoජීව විජේරත්න  සහ විධායක අධ්‍යක්ෂිකා රුවිනි ඩයස් බණ්ඩාරනායක මහත්ම මහත්මීන්ට ගුවන් තොටුපොළේ නිදහස්  ජාතික හා අන්තර් සේවක සoගම් වෙනුවෙන් ගෞරවණීය ප්‍රණාමය පුදකරන බව නිදහස් සේවක සන්ගමයේ සභාපති එම් ඩබ් බී මුහන්දිරම් කීය.

      ආරක්ෂක ප්‍රධානියාව සිටි චින්තක කුමාරසින්හ මහතා ව්‍යාපෘති කළනනාකරුවෙකු ලෙස ආරක්ෂක ප්‍රධානී තනතුරින් ඉවත් කර රත්මලාන ගුවන් තොටුපොළට පත්කිරීම වෙනුවෙන්  ගුවන් තොටුපොළ සේවකයින්ට කැවුම් කිරිබත් පිරිනැමීමේ අවස්ථාවේදී ඔහු එසේ කීය.

                         හිටපු ජනාධිපතිතුමා ආරක්ෂක ප්‍රධානියාගේ වැඩ තහනම් කරා හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ හා හිටපු සභාපතිවරයාගේ බලයෙන් ඔහු ගුවන් තොටුපොළේ බීෂණය රජකලා

        අද ගුවන් තොටුපොළේ ආරක්ෂක අoශයට ඉතිහාසගත දිනයක් ජාත්‍යන්තර ගුවන් සේවා නීතියට අනුව ගුවන් තොටුපොළ ආරක්ෂක නිළධාරීන් කලකිරීමෙන් සිටින්නේනම් ආරක්ෂාවට එය බලවත් තර්ජනයක් අද සිට ඒ අනතුරත් පහව යනවා ගුවන් තොටුපොළ ආරක්ෂක නිළධාරීන්ට අද සිට  අභිමානවත්ව ගුවන් තොටුපොළට සේවය කල හැකි බව මුහන්දිරම් වැඩිදුරටහ් පැවසීය.

                                       

         

Friday, February 6, 2015

නිදහස හාම්පුතුන්ට

                         
                  



         නිදහස හාම්පුතුන්ට තිබුනට නිදහස් වෙළද කලාපයේ සේවකයින්ට නිදහසක් නැති බව නිදහස් වෙළද කලාප හා පොදු සේවා සේවක සoගමයේ සමලේකම් ඇන්ටන් මාකස් මහතා පෙරේදා (04) කටුනායකදී පැවසිය. කලාපයේ කම්කරුවන්ට  තම අයිතිවාසිකම් දිනාගැනීමට වෘර්තීය සමිති වලට එකතුවීමට වත් නිදහසක් අද නැති බව ඔහු කීය.

    නිදහසට පෙර වදනක්  යන තේමාවෙන් නිදහස් වෙළද කලාපයේ සේවක සේවිකාවෝ ඉකුත් නිදහස් දින කටුනායකදී කල උද්ගෝෂණ පෙළපාලියකට සහභාගීවෙමින් ඔහු එසේ කීය.


      රජයේ සේවකයින්ට රුපියල් දස දහසකින් පඩි වැඩිකල රජය පෞද්ගලික සේවකයින්ට රුපියල් 2500 ක් වැඩි කරන ලෙස හාම්පුතුන්ගෙන් ඉල්ලීම සාධාරණ නොවන බව සහභාගීවූ සේවකයෝ පැවසූහ.

Monday, January 12, 2015

අතිඋත්තම ෆ්‍රැන්සිස් පාප්තුමෝ ශ්‍රී ල0කාවට සැපත්වේ







අතිඋත්තම  ෆ්‍රැන්සිස් පාප්තුමෝ කටුනායක ගුවන් තොටුපොලින් දිවයිනට සැපත්වූහ. මව්බිමට පැමිණි පාප්තුමන් ට ආචාර කිරිම්ට  ජනතාව මග දෙපස රැස්ව සිටියහ.

ඡායාරූප - කුමරසිරි ප්‍රසාද්


















Sunday, January 4, 2015

චීනගේ ඇටේ


ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලි ලද අපේ රට අද ඉන්දියන් සාගරයේ චීනගේ ඇටයක් වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක සීදුවේදී කීය.  කටුනායක සීදුව නගර සභා මන්ත්‍රී සරත් පීරිස්  සoවිධානය කල පොදු අපේක්ෂක සහයෝගී ජනහමුවේදී ඔහු එසේ කීය