Thursday, August 11, 2016

බෝතල් පත්තරේ




                 අපි පුන්චි කාලේ බෝතල් පත්තරේ කිය කිය පරණ බෝතල් පත්තර වගේ දෙවල් ගෙවල් වලට ඇවිත් එකතු කරන අය සිටියා මෙහෙම ආපු සමහර අය රටේ නමගිය මුදලාලිලත් වුනා මෑත කාලෙනම් මේ වගෙ දෙවල් එකතු කරන්නේ වාහන වලින් 

               අවුරුදු 15 ක් විතර ගුවන් තොටුපොළේ පත්තර වලට වාර්තාකරුවෙක් ලෙස වැඩ කල මමත් ඉකුත් දවසක බොතල් එකතු කරන්න පටන් ගත්තා හැබැයි ඒවා ප්ලාස්ටික් බෝතල් 
වෙන මොනවටත් නෙමේ ගෙවතු වගාවට මම නෙමේ කරන්නේ එහෙම කරන අයට ගෙනත් දෙනවා මගේ අරමුණ බෝතල් ලක්ෂයක් විතර එකතු කර ගන්න එතකොට  වස විස නැති ආහාර බෝග ලක්ෂයක් වවන්න මමත් උදව් කලා වෙනවා

            මේ රටේ සමහර පත්තර වලට වැඩ කරනවට වැඩිය ඒක ඵල දායක වෙයි කියලා  රාළට හිතෙන්නේ මොකද සමහර පත්තර අද වෙනකොට පැලැස්තර වෙලා

                                     ඒ වගේ තමා පරණ පත්තර එකතු කලොත් පොඩි ගාණකට හරි විකුණන්න පුළුවන් දන් තියෙන ගොඩක් පත්තර වලට වැඩ කලාට ඒ තරම්වත් ගෙවීමක් වාර්තාකරුවන්ට ගෙවනව කියල හිතන්න බෑ 
ආද පත්තර වාර්තාකාර රස්සාව කියන්නෙ කිසිම පිළිගැනීමක් නැති දෙයක් මේ පිළිඹදව රාළ ඉදිරියෙදි ලියනවා කොහොම වුනත් අද බොහෝ ජනමාධ්‍ය පිළිඹදව ජනතාව කලකිරීමෙන් සිටින බව නම් රාළ දන්නවා

Monday, August 8, 2016

ජඩ මැර මාධ්‍ය

       මැර ප්‍රහාර  කියමින් රටේ බොහෝ ජන මධ්‍ය වල තොරතුරු නිතර පලවෙනවා එක්කෝ මෙවටා සෘජුවම පාතාලය සම්බන්ධයි. ඉඳ හිටලා මාධ්‍යවේදීන්ටත් මැර ප්‍රහාර සිදුවෙනවා 

   මාධ්‍යවේදියොත් තවත් මාධ්‍යවේදියෙකුට හෝ පිරිසකට මැර ප්‍රහාර කරනවා නම් ඒක බරපතල සිදුවීමක් ජනතාවට ආදර්ශමත් ලෙස කටයුතු කලයුතු අය මේ වගේ නොහොබිනා වැඩ කරනවා නම් ඒක සමස්ත මාධ්‍යයේම පිරිහීමක් සිදුවීම් වාර්තා කරන්නනට යන මාධ්‍ය කරුවෝ ජනතාව ඉදිරිපිට ගහ මරා ගැනීම ට මාධ්‍ය ආයතනත් වගකිවයුතු කියලයි මට හිතෙන්නේ

   කොහොම වුනත් මේ වැඩේ බොහොම කැතයි කැතයි කැතයි....