Saturday, August 9, 2014

මගේ ටිකිරි මොලේ

                  පසුගිය කාලේ මත්තලට ප්ලේන් එන්නේ නැති එක ගැන විපක්ෂය ට මාධ්‍යයට ගොඩක් හුටපටය එක එක්කෙනා එක එක දේවල් කීවෝය. මාධ්‍ය කැමරාවක් දැක්කම දත් තිස් දෙකම පෙන්වා සිනාසෙන අපේ ගුවන් තොටුපොළේ සභාපතිතුමා අපූරු කතාවක් කියා තිබිණි. ඒ මත්තල හදලා අවුරුද්ද වෙන කොටය ගුවන් යානා ආවේ නැතත් මත්තල උඩින්  A 380 යානා  යන බවය. ඒවායින් ආදායම් ලැබෙන බවය. උන්නැහෙගේ කටේ මසුරන් දාන්න ඕනෑය.
         මේක අහපු මට අපූරු අදහසක් ආවේය රටේ තවත් පැත්තක ගුවන් පථයක් හා  පාලන කුළුණක් පමණක් හැදුවොත් කියාය එතකොට ඒක උඩිනුත් ප්ලේන් යන්න පුරුදු වේවිය. ආදායම තවත් වැඩිවේවිය ගොඩනැගිලි නැති නිසා එයාර්පෝර්ට් කියලා කියන්න බැරිය ප්ලේන් එන්නේ නැත විපක්ෂයට මාධ්‍යයට නෝ කතාය 

5 comments:

  1. ඈ රාළේ උබේ සබාපතියා දන්නේ නැතෙයි උබ මෙහෙම බෝගක් දානවග ??
    දන්නේ නැත්නම් මට සබාපතියගේ මේල් එක එවපන්කෝ ටිකකට

    ReplyDelete
    Replies
    1. රාළේ, උන්නැහේ තාම දන්නේ නෑ හෙට අනිද්දට දැනගනීවි එතුමා ගැන මම පත්තරවලත් ලියලා තියනවා

      Delete
  2. එදා පාර්ලිමේන්තුවේ ඇමති කෙනෙක් කිව්වා මත්තලට එන ෆ්ලයි ඩුබායි එකෙන් මැයි මාසේ ආදායම 16800යි කියලා. නියමයිනේ. ඇමතිතුමාට කෑමසූත්‍ර එකෙන් ඩිනර් එකක් ගන්න ඒ සල්ලි ඇති.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. රටක ගුවන් තොටුපොළක් ආදායම් ලබන්නේ පැමිණෙන ගුවන් යානා වලින් විතරක් නොවේ රටේ ගුවන් කලාපයට ඉහළින් යන යානා වලිනුත් ආදායම් ලබනවා ලෝකයේ අති නවීන ගුවන් යානා වන 380 කටුනායක ගොඩබෑම අපහසුයි
      මත්තල පුළුවන් මත්තලට නාවත් 380 යානා හදිසි සේවා ලබාගැනීමේ පහසුව බලාපොරොත්තුවෙන් මත්තලට ඉහළින් තම ගමනාන්ත කරා යනවා ඒවායින් රටට ආදායම් ලැබෙනවා

      Delete