Monday, December 18, 2017

සතුන් ලඟත් කරුණා ගුණ ඇති සැටියා




බඩ ගිනි වෙලා ආ ගෙදරට මුගටියා 
තම බත්පතින් කන හැටි බලමින් හිටියා
දිය යුතු කෙනාටම දන් දෙන අරුත කියා
සතුන් ලඟත් කරුණා ගුණ ඇති සැටියා





Monday, December 11, 2017

යුධ බිම සරසන රූබර සුහද ළඳේ




දෑතට අවි ගෙන යුධ බිම සරසන රූබර සුහද ළඳේ

හමු නොවුනාමුත් ඔබ ගැන නිඹඳව මගෙ සිත තුල රැව්දේ

යුද බිය නොමැතිව සාමයේ ජය දද මගෙ රට තුල ලෙලදේ

පන්සල් යන්නට දෙවියන් වැඳුම්ට මෙහි එනු මැන සඹඳේ

අපේ රටේ ත්‍රිවිධ හමුදාව රටේ මුර දේවතාවුන් වෙලා ත්‍රස්තවාදයෙන් රට බේරා ගත්තා ඒ වුනත් ලෝකයේ තවමත් යුද්ධ තිබෙනවා සාමය ආරක්ෂා කරන්න විවිධ රටව්ල හමුදා සෙබළු සෙබලියෝ කාන්තාර වල ගිරි දුර්ග වල සාමය වෙනුවෙන් දුක් විඳිනවා යුද බිම අවි ගෙන මව්බිමෙන් දුර ඈත රාජකාරි  කරන මේ ඇමෙරිකන් සෙබලියන්ගේ පිතූරේ දැකලා මම ලියපු කවිය තමා මේ 

Monday, December 4, 2017

මිනිසුන් නොදනී ඔබ ගැන හරියට තාම


දුක් කරදර සහිත ජීවිතයේ හැමදාම
සතුටයි සොයන්නේ එනමුදු ලතවීම
සතුට සොයා යන මග ගැන කීම
මිනිසුන් නොදනී ඔබ ගැන හරියට තාම

             ජපානයේ උතුම් අධ්‍යාත්මික නායකයා ලෙස පිදුම් ලැබූ කියුසෙයුෂු මෙයුසුසාමාතුමාණන් ලෝක සත්වයා දුප්පත් කමින්  ගැටුම් වලින් හා  ලෙඩරෝග වලින් ගලවා ගැනීම්ට මග කියාදුන්හ. ජෝරෙයි විශ්ව ශක්ති ආශීර්වාද, කියුසෙයි ස්වභාවික ගොවිතැන හා ඉකෙබානා සන්ගෙත්සු මල් කලාව මෙතුමාණන් ලොවට දායාද කර ඇත.

https://en.wikipedia.org/wiki/Mokichi_Okada