Thursday, August 11, 2016

බෝතල් පත්තරේ




                 අපි පුන්චි කාලේ බෝතල් පත්තරේ කිය කිය පරණ බෝතල් පත්තර වගේ දෙවල් ගෙවල් වලට ඇවිත් එකතු කරන අය සිටියා මෙහෙම ආපු සමහර අය රටේ නමගිය මුදලාලිලත් වුනා මෑත කාලෙනම් මේ වගෙ දෙවල් එකතු කරන්නේ වාහන වලින් 

               අවුරුදු 15 ක් විතර ගුවන් තොටුපොළේ පත්තර වලට වාර්තාකරුවෙක් ලෙස වැඩ කල මමත් ඉකුත් දවසක බොතල් එකතු කරන්න පටන් ගත්තා හැබැයි ඒවා ප්ලාස්ටික් බෝතල් 
වෙන මොනවටත් නෙමේ ගෙවතු වගාවට මම නෙමේ කරන්නේ එහෙම කරන අයට ගෙනත් දෙනවා මගේ අරමුණ බෝතල් ලක්ෂයක් විතර එකතු කර ගන්න එතකොට  වස විස නැති ආහාර බෝග ලක්ෂයක් වවන්න මමත් උදව් කලා වෙනවා

            මේ රටේ සමහර පත්තර වලට වැඩ කරනවට වැඩිය ඒක ඵල දායක වෙයි කියලා  රාළට හිතෙන්නේ මොකද සමහර පත්තර අද වෙනකොට පැලැස්තර වෙලා

                                     ඒ වගේ තමා පරණ පත්තර එකතු කලොත් පොඩි ගාණකට හරි විකුණන්න පුළුවන් දන් තියෙන ගොඩක් පත්තර වලට වැඩ කලාට ඒ තරම්වත් ගෙවීමක් වාර්තාකරුවන්ට ගෙවනව කියල හිතන්න බෑ 
ආද පත්තර වාර්තාකාර රස්සාව කියන්නෙ කිසිම පිළිගැනීමක් නැති දෙයක් මේ පිළිඹදව රාළ ඉදිරියෙදි ලියනවා කොහොම වුනත් අද බොහෝ ජනමාධ්‍ය පිළිඹදව ජනතාව කලකිරීමෙන් සිටින බව නම් රාළ දන්නවා

Monday, August 8, 2016

ජඩ මැර මාධ්‍ය

       මැර ප්‍රහාර  කියමින් රටේ බොහෝ ජන මධ්‍ය වල තොරතුරු නිතර පලවෙනවා එක්කෝ මෙවටා සෘජුවම පාතාලය සම්බන්ධයි. ඉඳ හිටලා මාධ්‍යවේදීන්ටත් මැර ප්‍රහාර සිදුවෙනවා 

   මාධ්‍යවේදියොත් තවත් මාධ්‍යවේදියෙකුට හෝ පිරිසකට මැර ප්‍රහාර කරනවා නම් ඒක බරපතල සිදුවීමක් ජනතාවට ආදර්ශමත් ලෙස කටයුතු කලයුතු අය මේ වගේ නොහොබිනා වැඩ කරනවා නම් ඒක සමස්ත මාධ්‍යයේම පිරිහීමක් සිදුවීම් වාර්තා කරන්නනට යන මාධ්‍ය කරුවෝ ජනතාව ඉදිරිපිට ගහ මරා ගැනීම ට මාධ්‍ය ආයතනත් වගකිවයුතු කියලයි මට හිතෙන්නේ

   කොහොම වුනත් මේ වැඩේ බොහොම කැතයි කැතයි කැතයි....

Tuesday, July 12, 2016

නිෂා බිස්වාල් එයි.




      ශ්‍රි ලoකාව හා ඇමෙරිකාව අතර ද්විපාර්ශිවික සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින් දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් මහත්මිය ඊයේ සවස මෙරටට පැමිණියාය. 

Wednesday, January 13, 2016

කලාපයේ සේවිකාවකට අයුතු දඬුවම්






          කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවිකාවකට අයුතු යෝජනාවක් හා ප්‍රසිද්ධියේ අපහාස කල සේවකයෙකු පොලීසියේදී වරද පිළිගෙන සිටියදී ඔහුට දඬුවම් නොකර අදාල සේවිකාවගේ රැකියාව අහිමි කර ඇත. ආයතන පරිශ්‍රය තුලදී මෙම අපහාසය කල සේවකයාට අදාල සේවිකාව පහර දුන්නේ යැයි චෝදනාව මත ආයතන පරිපාලනය මෙම සේවිකාව රැකියාවෙන් ඉවත් කල බව සඳහන් ලිපියක් සේවිකාවට ලබා දී ඇත. ඇය එම ලිපිය බාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා එම ලිපිය ඇයගේ පුද්ගලික ලිපිනයට යවන බව දන්වා ඇයගේ ආයතන හැඳුනුම් පත ආයතන පරිපාලන ලබාගෙන ආයතනයෙන් පිටමන් කර ඇතිබව එහි සේවකයෙක් කීය.

      මෙම ආයතනය, යුරෝපය, ඇමෙරිකාව ඇතුළු විවිධ රටවලට රබර් අත් වැසුම් අපණයනය කරන කටුනායක වෙළඳ කලාපයේ පිහිටි සමාගමකි.

Sunday, December 13, 2015

කටුනායක කලාපේ හෙට පාරට





              ආයෝජන මණ්ඩලය යටතේ පවතින නිදහස් වෙළඳ කලාප පාලනය පෞද්ගලික සමාගම් වලට පැවරීම, පෞද්ගලික අoශයට පොරොන්දුවූ 2500 වැඩිවීම මේ දක්වා නීතිගත නොකිරීම පැය 8 ක වැඩ දිනය අහෝසි කිරීම ඇතුළු අයවැය යොජනා වලට එරෙහිව කටුනායක නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවෝ  කටුනායකදී හා යක්කල පොලිටෙක්ස් සේවක සේවිකාවෝ යක්කලදී හෙට 14 උදෑසන විරෝධතා අරඹන බව නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සoගමය කියයි.

   මේ වනවිට කටුනායක කලාප සේවක පිරිස් විරෝධතා පාඨ ඇතුලත් පෝස්ටර් නිර්මාණය කරමින් සිටිති










Wednesday, December 9, 2015

අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට බය වුනේ නෑ

  1.                                          



  • අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට බය වුනේ නෑ ගරු කලා වර්තමාන ඇමතිතුමාටත් බය නෑ ගරු කරනවා යැයි ගුවන් තොටුපොළ හා සේවා සමාගමේ නිදහස් සේවක සoගමයේ සබාපති එම් ඩබ් බී මුහන්දිරම් ගුවන් තොටුපොළ සේවකයින් අමතා පැවසීය.

  • ගුවන් තොටුපොළ සමාගමේ සේවකයින්ගේ ප්‍රවාහන සේවය කිලෝ මීටර 50 දක්වා අඩු කිර්‍රිම, ප්‍රසාද දීමනා මුදල සීමාකිරීම ඇතුළු ගුවන් තොටුපොළ සේවක අයිතිවාසික කප්පාදු කිරීමට ගුවන් සේවා ඇමතිවරය ගෙන ඇති තීරන පිළිබඳව සේවකයි දැනුවත් කිරීමේ රැස්වීමක් අමතා ඔහු ඉකුත් දා එසේ කීය

  • ඉල්ල්ලීම ගණනාවක් ලබාදෙන ලෙස ඉල්ලා ප්‍රවාහන හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතාට ලිපියක් මගින් ඉල්ලීම් කර ඇති බව පවසන මුහන්දිරම් ප්‍රතිචාර අයහපත් වන්නෙ නම් දෙසැම්බර් 15 වන දා සිට සේවක විරෝධතා ආරම්භ කරන බව පවසයි.

                               

Tuesday, November 17, 2015

ධාතූන් වහන්සේලා මෙරටට



මයිගණ රජ මහා විහාරයේ සිට තායිලන්තයේ බුද්ධාමන්තාන් විහාරයට එරට ජනතාවට වන්දනා කිරීමට රැගෙන ගිය ධාතූන් වහන්සේලා ඊයේ මෙරටට වැඩම කරවන ලදී. එරට උප අගමැති Wissanu Krea-ngam  මහතා ඇතුළු විශේෂ දූත පිරිසක් ධාතූන් වහන්සේලා වැඩමවීමට මෙරටට පැමිණියහ.

Monday, November 16, 2015

කවදද මින්පෙර කහ කොඩි නැගුනේ



                 පන්සල පල්ලිය කෝවිල මුදුනේ
               කවදද මින්පෙර කහ කොඩි නැගුනේ
                 ඔබ කල සේවයටම හිමි සඳුනේ
               සියළු දනන් නෙත කඳුලින් තෙමුනේ

Friday, October 30, 2015

කර්ණාටක බෞද්ධ වන්දනා කණ්ඩායමක්


ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ බෞද්ධ වන්දනා කණ්ඩායමක් ඊයේ 28 මෙරට වන්දනා සoචාරයක් සඳහා පැමිණියේය.ඉන්දීය ජාතික පූජ්‍ය භන්තේ වරජෝති (Ven.Bhante Varajyoti ) හිමියන්ගේ නායකත්වයෙන් පැමිණි මෙම කණ්ඩායම දළදා මාළිගය කැළණිය ඇතුළු අනුරාධපුර අටමස්ථානය ඇතුළු මෙරට පූජනීය ස්ථාන වන්දනා කිරීමට නියමිතයි.

Sunday, October 25, 2015

අමාලීට සම්මාන



ඇදුමෙන් පැළඳුමෙන් තම හැකියාවෙන්
පරදා නන්දෙසින් ආ රූ රැජිණන්
දිනූ සම්මාන අරගෙන සුරතින්
ඈ පැමිණියා මව් රට අභිමානෙන්



පිලිපීනයේ පැවති ගෝලීය රූ රැජින 2015 තරඟාවළියේදී හොඳම ජාත්‍යන්තර ඇඳුම් පැළඳුම් සම්මානය හා දක්ෂම කුසලතා නිරූපිකාවන් තිදෙනා අතරට තේරීපත්වූ අමාලී  ඉන්දීවරී මව්බිමට පැමිණියාය. කැනඩාව, එoගලන්තය, නෝර්වේ, පෝලන්තය,  ඇමෙරිකාව, ජපානය, ජර්මනිය, ඉතාලිය, කැනඩාව ඇතුළු රටවල් රැසක තරඟකාරියෝ  50 ක් පමණ මෙම තරඟාවලියට සහභාගීවූහ.අමාලී ඉන්දීවරී, Amaali with Stars නර්තන කණ්ඩායමේ නායිකාවවේ.

                                                                                                                                                            ඡායාරූපය  -  ගුවන් තොටුපොළ  -  කුමාරසිරි ප්‍රසාද්

http://hottimesasia.com/2015/10/26/miss-global-2015-best-national-costume-best-talent-amalie-indeewari/