Thursday, September 18, 2014

අලවගෙන රන් කැබලි කකුලේ

අලවගෙන රන් කැබලි කකුලේ
තව ටිකක් ගමන් මල්ලේ
හොරෙන් එන්න බැලූවෙලේ
කොටුවේ රේගුවට තොටුපොළේ


රුපියල් එක්කෝටි පන් ලක්ෂයක් පමණ වටිනා රන් කැබලි 5ක් [කිලෝ එකක් පමණ බර] නීති විරෝධීව රැගෙන ආ ලාoකික ගුවන් මගීන් දෙදෙනෙකු  අත් අඩoගුවට ගත් බව රේගුව කියයි.  සැකකරුවන් බැoකොක් සිට පැමිණ ඇත. එක් අයෙක් තම දෙකකුල් වල රන් කැබලි දෙකක් අලවාගෙන පැමිණ ඇත. තවත් රන් කැබලි තුනක් අනෙක් ගුවන් මගියාගේ ගමන් මළු තුල සූක්ෂම ලෙස සගවා තිබූ බව රේගුව කියයි.
රේගු මත් ද්‍රව්‍ය පාලන අoශය මෙම වැටලීම කර ඇත.සහකාර රේගු අධිකාරීවරුන් වන විපුල ප්‍රනාන්දු, කේ. ඩී. කසුන්,එම්.එම්.එම්. රිස්වි, ලක්ෂ්මන් එදිරිවීර,  නියෝජ්‍ය රේගු අධිකාරීවරුන් වන කීර්ති අබේසේකර හා විපුල ප්‍රනාන්දු, රේගු අධිකාරීවරුන් වන ශාන්ත පියදාස, සරෝජ් චන්ද්‍රසේන, එස්.එල්.ඒ රිෆයි මහත්වරු ගුවන් තොටුපොළ රේගු අධ්‍යක්ෂක කේ,එන්, වික්‍රමසිoහ මහතාගේ උපදෙස් පරිදි ඉදිරි විමර්ශණ කළහ.
නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ජේ.පී. චන්ද්‍රරත්න හා දර්ශණ විජේසිරිවර්ධන මහත්වරු රේගු පරීක්ෂණ සිදු කළහ. 


2 comments:

  1. ඉඳලා හිටලා රේගුවට හාල්මැස්සෝ එහෙම අහුවෙනවා එහෙනම්

    ReplyDelete
  2. තෝරු මෝරු අහුවුනොත් අල්ලපු අයටයි ලෙඩ

    ReplyDelete