Tuesday, July 12, 2016
Wednesday, January 13, 2016
කලාපයේ සේවිකාවකට අයුතු දඬුවම්
කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ සේවිකාවකට අයුතු යෝජනාවක් හා ප්‍රසිද්ධියේ අපහාස කල සේවකයෙකු පොලීසියේදී වරද පිළිගෙන සිටියදී ඔහුට දඬුවම් නොකර අදාල සේවිකාවගේ රැකියාව අහිමි කර ඇත. ආයතන පරිශ්‍රය තුලදී මෙම අපහාසය කල සේවකයාට අදාල සේවිකාව පහර දුන්නේ යැයි චෝදනාව මත ආයතන පරිපාලනය මෙම සේවිකාව රැකියාවෙන් ඉවත් කල බව සඳහන් ලිපියක් සේවිකාවට ලබා දී ඇත. ඇය එම ලිපිය බාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා එම ලිපිය ඇයගේ පුද්ගලික ලිපිනයට යවන බව දන්වා ඇයගේ ආයතන හැඳුනුම් පත ආයතන පරිපාලන ලබාගෙන ආයතනයෙන් පිටමන් කර ඇතිබව එහි සේවකයෙක් කීය.
මෙම ආයතනය, යුරෝපය, ඇමෙරිකාව ඇතුළු විවිධ රටවලට රබර් අත් වැසුම් අපණයනය කරන කටුනායක වෙළඳ කලාපයේ පිහිටි සමාගමකි.
Sunday, December 13, 2015
කටුනායක කලාපේ හෙට පාරට
ආයෝජන මණ්ඩලය යටතේ පවතින නිදහස් වෙළඳ කලාප පාලනය පෞද්ගලික සමාගම් වලට පැවරීම, පෞද්ගලික අoශයට පොරොන්දුවූ 2500 වැඩිවීම මේ දක්වා නීතිගත නොකිරීම පැය 8 ක වැඩ දිනය අහෝසි කිරීම ඇතුළු අයවැය යොජනා වලට එරෙහිව කටුනායක නිදහස් වෙළඳ කලාප සේවක සේවිකාවෝ කටුනායකදී හා යක්කල පොලිටෙක්ස් සේවක සේවිකාවෝ යක්කලදී හෙට 14 උදෑසන විරෝධතා අරඹන බව නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සoගමය කියයි.
මේ වනවිට කටුනායක කලාප සේවක පිරිස් විරෝධතා පාඨ ඇතුලත් පෝස්ටර් නිර්මාණය කරමින් සිටිති
Wednesday, December 9, 2015
අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට බය වුනේ නෑ
- අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට බය වුනේ නෑ ගරු කලා වර්තමාන ඇමතිතුමාටත් බය නෑ ගරු කරනවා යැයි ගුවන් තොටුපොළ හා සේවා සමාගමේ නිදහස් සේවක සoගමයේ සබාපති එම් ඩබ් බී මුහන්දිරම් ගුවන් තොටුපොළ සේවකයින් අමතා පැවසීය.
- ගුවන් තොටුපොළ සමාගමේ සේවකයින්ගේ ප්‍රවාහන සේවය කිලෝ මීටර 50 දක්වා අඩු කිර්‍රිම, ප්‍රසාද දීමනා මුදල සීමාකිරීම ඇතුළු ගුවන් තොටුපොළ සේවක අයිතිවාසික කප්පාදු කිරීමට ගුවන් සේවා ඇමතිවරය ගෙන ඇති තීරන පිළිබඳව සේවකයි දැනුවත් කිරීමේ රැස්වීමක් අමතා ඔහු ඉකුත් දා එසේ කීය
- ඉල්ල්ලීම ගණනාවක් ලබාදෙන ලෙස ඉල්ලා ප්‍රවාහන හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතාට ලිපියක් මගින් ඉල්ලීම් කර ඇති බව පවසන මුහන්දිරම් ප්‍රතිචාර අයහපත් වන්නෙ නම් දෙසැම්බර් 15 වන දා සිට සේවක විරෝධතා ආරම්භ කරන බව පවසයි.
Tuesday, November 17, 2015
Monday, November 16, 2015
Friday, October 30, 2015
Sunday, October 25, 2015
අමාලීට සම්මාන
ඇදුමෙන් පැළඳුමෙන් තම හැකියාවෙන්
පරදා නන්දෙසින් ආ රූ රැජිණන්
දිනූ සම්මාන අරගෙන සුරතින්
ඈ පැමිණියා මව් රට අභිමානෙන්
පිලිපීනයේ පැවති ගෝලීය රූ රැජින 2015 තරඟාවළියේදී හොඳම ජාත්‍යන්තර ඇඳුම් පැළඳුම් සම්මානය හා දක්ෂම කුසලතා නිරූපිකාවන් තිදෙනා අතරට තේරීපත්වූ අමාලී ඉන්දීවරී මව්බිමට පැමිණියාය. කැනඩාව, එoගලන්තය, නෝර්වේ, පෝලන්තය, ඇමෙරිකාව, ජපානය, ජර්මනිය, ඉතාලිය, කැනඩාව ඇතුළු රටවල් රැසක තරඟකාරියෝ 50 ක් පමණ මෙම තරඟාවලියට සහභාගීවූහ.අමාලී ඉන්දීවරී, Amaali with Stars නර්තන කණ්ඩායමේ නායිකාවවේ.
ඡායාරූපය - ගුවන් තොටුපොළ - කුමාරසිරි ප්‍රසාද්
http://hottimesasia.com/2015/10/26/miss-global-2015-best-national-costume-best-talent-amalie-indeewari/
Monday, September 21, 2015
මරණ දඩුවම
රට පුරා පිළිලයක්ව ඇති කාන්තා හා ළමා දූෂණ හා ඝාතන මර්ධනයට මරණ දඩුවම
ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා බෞද්ධ භික්ෂූණ් වහන්සේ පෙරටු කොටගත් කටුනායක
ආඩිඅම්බලම ප්‍රදේශයේ ජනතාව උද්ගෝශණය කරමින් විරෝධතාවක
නිරතවූහ. ආඩිඅම්බලම සමගි ත්‍රිරෝද රථ සoගමය මෙම විරෝධතාව සoවිධානය කල අතර
ප්‍රදේශයේ ජනතාව සමග දැවමොට්ටාව අභයරාජ විහාරයේ විහාරාධිපති දැවමොට්ටාවේ
මලියදේව,සන්සයිඩ්වත්ත සිරිසුමoගල විහාරයේ විහාරාධිපති දැවමොට්ටාවේ
සුමoගල හිමිවරු මෙම අවස්ථාවට සහභාගීවූහ.
Tuesday, September 15, 2015
රතු පස්වල බ්‍රිගේඩියර්
රතු පස්වල ජනතාව ජලය ඉල්ලා කල උද්ගෝෂණය්දී වෙඩිතැබීමට අණ දුන් බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා තනිවම ගුවන් තොටුපොළින් පිටව ගිය බව පොලිස් නිළධාරියෙක් පැවසීය. ගුවන් තොටුපොළේ පිටුපස දොරටුවකින් ඔහු පලාගිය බවට ඇතැම් මාධ්‍ය වල පලවූ වාර්තා අසත්‍ය බව ඔහු වැඩිදුරටත් පැවසීය.
උදෑසන අටට කටාර් සිට බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා පැමිණෙන බව කියමින් තෙරි පැහැ සිරිධම්ම හිමි ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ ඉදිරිපිට බුදු පිළිමය ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.
සමාජ සුභසාධන නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා දුන් දුරකථන ඇමතුමකට අනුව සිරිධම්ම හිමි ඇතුළු පිරිස විසිර ගිය බව පොලිස් නිළධාරියෙක් පැවසීය.බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා ගුවන් තොටුපොළින් පිටව යන අවස්ථාවේ රතුපස්වල ජනතාව හෝ සිරිධම්ම හිමියෝ ගුවන් තොටුපොළේ නොසිටි බව ඔහු වැඩිදුරටත් පැවසීය.
බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා රතුපස්වල ජනතාව මගහැර පිටුපස දොරටුවකින් පලාගිය බවට ඇතැම් මාධ්‍ය වාර්තා පිළිබදව අදහස් දැක්වූ ගුවන් තොටුපොළේ නිළධාරියෙක් ගුවන් මගීන්ට රටට ඇතුළුවීමට පිටුපස දොරටු හෝ රහස් දොරටු නොමැති බවත් රටට පැමිණෙන ගුවන් මගීන් ආගමන කටයුතු නිමකර රේගු පරීක්ෂණ වලින් පසු නිෂ්චිත දොරටු වලින් පමණක් ගුවන් තොටුපොළි පිටවිය යුතු බව පැවසීය.
Subscribe to:
Posts (Atom)


