Friday, November 14, 2014

පොඩි එකාගේ ලියුම



   අපේ තාත්තා වැඩ කරන්නේ ශ්‍රී ලoකන් ගුවන් සමාගමේය. ශ්‍රී ලoකන් ගුවන් සමාගම අවිරුද්දකට මිලියන 32 දාහක පාඩුවක් ලබන බව පත්තරවල හා ටීවී එකේ දැම්මට මට එය තෙරෙන්නේ නැත්තේ මිලියනයක් කියන්නේ කොච්චරක්ද කියා මා හරියටම දන්නේ නැති නිසාය. මිලියනයක් කියන්නේ කොච්චරක්ද කියා මම අම්මාගෙන් අහපුවාම අම්මා කිව්වේ දාහට ගනින්න බැරි උඹට මිලියන මොකටද කියාය.එතකොට මo අම්මට කිව්වේ තාත්තලාගේ කොම්පැනිය මිලියන 32 ක් පාඩුයි කියලා පාර්ලිමේන්තුවේ මාමා කෙනෙක් කිව්වා කියාය. එතකොට අම්මා කිවේ පාර්ලිමේන්තුවේ මාමා කෙනෙක් කිව්වානම් ඒක බොරුවක් කියාය.
එතකොට ලගදී ජපන් ඉදලා ආපු ගාල්ලේ චූටි මාමා අපේ ගෙදර ආවෝය. චූටි මාමා ජපන් ඉදලා ආවේ මොන ප්ලේන් එකේද කියලා අහපුවම මාමා කිව්වේ වැඩි ගානක් දීල ශ්‍රී ලන්කන් එකේ ආවා කියාලාය. 
එතකොට තාත්තා නයිට් ඕෆ් වෙලා ගෙදර ආවේය. තාත්තා ගෙට ගොඩ වෙන්නත් කලින් මාමා කිව්වේ මොකද්ද අයියේ දැන් ශ්‍රි ලන්කන් සර්විස් එක හරිම සවුත්තුයිනේ කියාය. එතකොට තාත්තා කලබලයේ ඇහුවේ ඇයි ෆයිට් එකේදී මොකද වුනේ කියාය. එතකොට මාමා කිව්වේ කන්න දුන්නේ නූඩ්ලස් ටිකක් කියාය. ගෙදර කනවා වගේ නූඩ්ලස් කන්න දෙන්න පිළුවන්ද බන් තුන්සිය ගනනක් යන ප්ලේන් එකක කියා තාත්තා තරහින් ගෙට ගියෝය.හොදට නූඩ්ලස්  ටිකක් හදනවා අන්න අරූට ඇතිවෙන්න කන්න දෙන්න කුස්සියේ සිටි අම්මාට එසේ කියනවා  මිදුලේ සිටි මටයි චූටි මාමටයි හොදට ඇසුණි අපේ තාත්තා කිසිම පිටස්තරයේ සමග ගුවන් සමාගමේ අඩුපාඩු ගැන කතාකරන්නේ නැත.  ඒත් තාත්තාගේ වැඩ කරන තැන යාළුවෝ එකතු වුනාම  මුන් මේක කනවා කියා කාටද කාටද හෙණ ඉල්ල ඉල්ලා බණිනවාය.අපේ තාත්තා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට ඇත්තේ පුදුම ආදරයකි.

මීට,
ශ්‍රී ලන්කන් වැඩ කරන
තාත්තාගේ පොඩි එකා.

 ශ්‍රී ලoකන් නිදහස් සේවක සoගමයේ මාසික පුවත්පතින් උපුටා ගැනීමකි

3 comments:

  1. හයොයෝ සල්ලි කිවුවලු..

    ReplyDelete
  2. තාත්තා විතරක් ෙනෙමයි ෙපාඩි ඒකෝ අපිත් ඒ්කට අාදරේය.. ඉතින් අපි ඔබේ තාත්තට ද බනින්නේ ඒ් නිසාය.......................

    ReplyDelete