Friday, February 6, 2015

නිදහස හාම්පුතුන්ට

                         
                  



         නිදහස හාම්පුතුන්ට තිබුනට නිදහස් වෙළද කලාපයේ සේවකයින්ට නිදහසක් නැති බව නිදහස් වෙළද කලාප හා පොදු සේවා සේවක සoගමයේ සමලේකම් ඇන්ටන් මාකස් මහතා පෙරේදා (04) කටුනායකදී පැවසිය. කලාපයේ කම්කරුවන්ට  තම අයිතිවාසිකම් දිනාගැනීමට වෘර්තීය සමිති වලට එකතුවීමට වත් නිදහසක් අද නැති බව ඔහු කීය.

    නිදහසට පෙර වදනක්  යන තේමාවෙන් නිදහස් වෙළද කලාපයේ සේවක සේවිකාවෝ ඉකුත් නිදහස් දින කටුනායකදී කල උද්ගෝෂණ පෙළපාලියකට සහභාගීවෙමින් ඔහු එසේ කීය.


      රජයේ සේවකයින්ට රුපියල් දස දහසකින් පඩි වැඩිකල රජය පෞද්ගලික සේවකයින්ට රුපියල් 2500 ක් වැඩි කරන ලෙස හාම්පුතුන්ගෙන් ඉල්ලීම සාධාරණ නොවන බව සහභාගීවූ සේවකයෝ පැවසූහ.

2 comments:

  1. පෞද්ගලික අංශයෙන් ඉතින් පඩි වැඩි කරන්න කියලා ඉල්ලීමක් විතරනේ මොන රජයකට උනත් කරන්න පුළුවන්.. ඒ ගාන කීය වුනත් දෙන නොදෙන එක පෞද්ගලික අංශයේ හාම්පුතුන්ගේ තීරණයක්..

    ReplyDelete
  2. පෞද්ගලික අංශවලින් අධික ලස ලාභ උපයන්න පුළුවන්නම් එහි සේවය කරන්නන්ට එම ලාභය ප්‍රතිශතයක් විදියට වත් බෙදල දෙන්න හැකියාවක් නැද්ද

    ReplyDelete