Saturday, May 23, 2015

සන්නාලියගේ සිරුර ගොඩගනී



      කටුනායක ඇගළුම් ආයතනයක දී ලබාගත් ආහාර විසවී මියගියා යැයි සැලකෙන තන්ගල්ල උස්වැව ඇලෙන් එගොඩ පදින්චිව සිටි කළුාරච්චිගේ ඤානවතී නැමති සේවිකාවගේ මෘත දේහය ගොඩ ගන්නා ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත්වරයා  නියෝග බව කටුනායක පොලීසිය කියයි.
       ඉකුත් වසරේ සැප්තැම්බර් 05 දින රෝගීව මීගමු රෝහල ට ඇතුළත් කළ ඇය 07 දින දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී  මියගිය බව ඩාබුදු සාමුහිකයේ චමිලා තුෂාරී පැවසුවාය.
       මීගමුව මන්කුලිය ප්‍රදේශයේ ආහාර සැපයුම් ආයතනයකින් ලබාදුන් ආහාර විසවීමෙන් මියගිය සේවිකාව සමග ඇගළුම් සේවක සේවිකාවන් සියයකට වැඩි පිරිසක් රෝහල් ගතකර ඇත.
      මියගිය සේවිකාවගේ මරණය සැක සහිත බව ට මියගිය සේවිකාවගේ සොහොයුරියක වන කළු ආරච්චිගේ කාන්ති නැමති අය කටුනායක පොලීසිය ට  පැමිණිලි කර ඇත.
     මෙම මරණය, මොළයේ අබ්‍යන්තර රුධිර වාහිනීවල රෝගී තත්වයක් නිසා හටගත් රුධිර වහනයකින් වූ මරණයක් ලෙස  මරණ  පරීක්ෂණ වාර්තාවේ සදහන් වන බව පොලීසිය කියයි.

No comments:

Post a Comment