Thursday, November 16, 2017

වඩුවගෙ ගෙදර පුටුව



                       වඩුවගෙ ගෙදර පුටුව නෑ කියල කියමනක් අපේ ජන වහරේ තිබුනා වඩුවා කොතරම් ලී බඩු පුටු හැදුවත් එයගේ ගෙදර ට පුටුවක් හදා ගන්න අපොහොසත් වීම මේ කියමනේ මූලික අදහස ඒ වගේම තමන් යම් කාර්යක් කලත් රටට යහපතක් වුනත් තමන්ට ඒ දෙය අහිමිවීම පොදුවේ දක්නට ලැබෙන කාරණයක්

                          රාළටත් ඔය වගේ අත් දැකීම් තියෙනවා රාළ ඡායාරූප ශිල්පියෙක් වෙලා හිටියා ඒ වගෙම කලු සුදු වර්ණ ඡායාරූප මුද්‍රණ ශිල්පියෙක් වෙලා හිටියා ඒ වුනාට මගුල් ෆොටො එකක් රාළට තිබුනේ නෑ 
           ඒ වගේම තමා කව්රුහරි ඉල්ලුවොත් රාළට දෙන්න හරි හමන් ෆොටො එකකුත් නෑ ඒකත් හරියට අර පුටුවේ කතාව වගේ තමා කොහොම උනත් රාළත් යන යන තැන මීට පස්සේ ෆොටෝ ගහන්න තමා හිතන් ඉන්නේ මෙච්චර කාලයක් රාළ අනුන්ගේ ෆොටො ගැහුවා දැන් රාළගේ ෆොටොත් කාට හරි කියලා ගස්සගන්න කාලයක් තමා ඇවිල්ලා තියෙන්නේ

No comments:

Post a Comment