Monday, November 27, 2017

ලෝකෙට ප්‍රරකාසේ ගෙදරට මරගාතේ



                          රටේ සමාජය තුල යම් යම් දේවල් කරන බව ප්‍රකශ කලත් තමන් ලඟ යම් යම් ගුණ තියෙනවා කිව්වත් ඒවා තමා ලඟ තමන්ගේ ගෙදර නැති අය ගැන  අපේ වැඩිහිටියෝ කිව් කියමනක් තමා මේ 


                        ඇත්තම කියනවා නම් රාළත් මේ වගේ කියලා රාළට පසිගිය කාලේ හිතුණා රාළ ස්වභාවික ගොවිතැන ගැන කිය කියා මිනිස්සුන්ට ගොවිතැන කරන්න උනන්දු කලාට රාළටම කියලා ගෙවත්තක් තිබුණේ නෑ අනුන්ගේ ගෙවතු වල ස්වභාවික ගොවිතැන කරන්න ගිහින් රාළ නහුතෙටම ඇනගත්තා වෙච්ච දේවල් ගැන එක එක තැන් වල කිය කිය යනවට වැඩිය  බුදුන්ට දෙවියන්ට කියනක එක හොඳ නිසා විශ්වයේ ඉහළම දෙවියන්ට වාර්තා කරලා සමාව ගත්තා 

                      අවුරුදු 25 කටත් වැඩි කාලයක් රාළ අත්හැරලා තිබුණ රාළට පය ගහන්නවත් බැරිව තිබුණ ඉඩමක දෙවියන්ගේ ආශීර්වාදයෙන් රාළ ස්වභාවික ගොවිතැන පටන් ගත්තා  ඉස්සෙල්ලම කොලේ කොල රොඩු එකතු කරලා කොම්පෝස්ට් පොහොර හදන එක හිතුවටත් වැඩිය සාර්ථකයි ගෙවත්තක් හදන ගමන් රාළ අලුත් ගෙයකුත් හදන්නයි හිතන් ඉන්නෙ



                       අපි වවමු රට හදමු කියලා ගිය ආණ්ඩුවෙ වැඩ සටහනක් තිබුණා වස විස නැති ගොතැන වර්තමාන යහපාලන ආණ්ඩුවෙ ක්‍රියා පරිපාටිය ඊළඟට එන ආණ්ඩුවෙන් මොන වගෙ ගොවිතැනක් කරයිද දන්නේ නෑ


           ඒ වුනාට රාළ කරන්නේ කියුසෙයි ගොවිතැන ඒක කවදාවත් වෙනස් වෙන්නේ නෑ කියුසෙයි කියන්නේ ජපන් වචනයක් මේ ගොවිතැන ගැන රාළ ඉදිරියෙදි ලියනවා

No comments:

Post a Comment