Thursday, November 16, 2017

වඩුවගෙ ගෙදර පුටුව



                       වඩුවගෙ ගෙදර පුටුව නෑ කියල කියමනක් අපේ ජන වහරේ තිබුනා වඩුවා කොතරම් ලී බඩු පුටු හැදුවත් එයගේ ගෙදර ට පුටුවක් හදා ගන්න අපොහොසත් වීම මේ කියමනේ මූලික අදහස ඒ වගේම තමන් යම් කාර්යක් කලත් රටට යහපතක් වුනත් තමන්ට ඒ දෙය අහිමිවීම පොදුවේ දක්නට ලැබෙන කාරණයක්

                          රාළටත් ඔය වගේ අත් දැකීම් තියෙනවා රාළ ඡායාරූප ශිල්පියෙක් වෙලා හිටියා ඒ වගෙම කලු සුදු වර්ණ ඡායාරූප මුද්‍රණ ශිල්පියෙක් වෙලා හිටියා ඒ වුනාට මගුල් ෆොටො එකක් රාළට තිබුනේ නෑ 
           ඒ වගේම තමා කව්රුහරි ඉල්ලුවොත් රාළට දෙන්න හරි හමන් ෆොටො එකකුත් නෑ ඒකත් හරියට අර පුටුවේ කතාව වගේ තමා කොහොම උනත් රාළත් යන යන තැන මීට පස්සේ ෆොටෝ ගහන්න තමා හිතන් ඉන්නේ මෙච්චර කාලයක් රාළ අනුන්ගේ ෆොටො ගැහුවා දැන් රාළගේ ෆොටොත් කාට හරි කියලා ගස්සගන්න කාලයක් තමා ඇවිල්ලා තියෙන්නේ

Monday, November 13, 2017

ලෙඩවීම, කෙලවීම හා සුවවීම




ලෙඩවීම, කෙලවීම හා සුවවීම

ගුවන් තොටුපොළේ ඉඳගෙන නිතරම මාධ්‍යයට තොරතුරු සපයපු රාළට පසුගිය කාලයේ නරක කාලයක් තිබුණේ රාළ ලෙඩ වුනා ඒ වගේම රාළට කෙළවුනා
කොටින්ම කියනවානම් රාළ හිටියේ මහ පාරෙ කිව්ව්ත් වැරදි නෑ
හැමදේම නැතිවෙලා ජීවිතය විතරක් ඉතිරි කරගෙන සුදු කොඩි පෙනි පෙනී සිටි රාළට දෙවියොත් සිහිවුනා 
එහෙම මරණය පෙනි පෙනී සිටි රාළ අද සුවපත් වෙළා උදේ සවස බීපු බටහිර බෙහෙත් බොන්නේ නෑ රාළට තිබුණ අසනීප සුව වෙලා රාළ ආයෙත් ආවා
හැබැයි ඉස්සර වගෙ නෙමේ රාල සුවපත් වුන ක්‍රමයටම තව බොහෝ පිරිසක් සුවපත් කරන ගමනක යන්න ඒ යන ගමන් ඔය මොනවහරි  බහුභූත ටිකක් ලියන්න තමා හිතන් ඉන්නේ..
හදවත් ආබාදයකට ලක්වෙලා හිටිය රාළ සුවපත් වුන ආශීර්වාද කලාව පිළිඹඳව රාළ ඉදිරියේදී ලියනවා
හැම පැත්තෙන්ම ලෙඩවෙලා තියෙන සමාජයකට මේ සුවපත් කිරීමේ කලාව දිව ඔසුවක් වෙයි කියලා රාළ හිතනවා 

Wednesday, September 20, 2017

සවි එසවීමේ ශූරතාවලියේ පදක්කම් දිනූ ක්‍රීඩකයෝ යළි පැමිණෙති





දකුණු අප්‍රිකාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය සවි එසවීමේ ශුරතාවලියේ දී ශ්‍රී ලංකාවට ඉමහත් ගෞරවයක් ගෙනදෙමින් රන්, රිදී සහ ලෝකඩ පදක්කම් දිනූ රන්සිළු ජයතිලකගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සවි එසවීමේ කණ්ඩායම ඊයේ (19) යළි දිවයිනට පැමිණියේය. මෙවර ශූරතාවලියේ කැපී පෙනෙන කණ්ඩායමක් බවට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහිදී නව ශ්‍රී ලංකා වාර්තා 3ක් බිහිකිරීමට සමත්වීම විශේෂත්වයකි. එහිදී නායක රන්සිළු ජයතිලක කිලෝග්‍රෑම් 120ට වැඩි බර පන්තියෙන් නව වාර්තා දෙකක් බිහිකළ අතර ඩැරින් වීරසිංහ එම බර පන්තියෙන්ම බෙන්ච්ප්‍රෙස් ඉසව්වෙන් වාර්තාවක් බිහි කිරීමට සමත්විය. පදක්කම් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී ඉමහත් හරසරින් පිළිගනු ලැබීය. රන්සිළු ජයතිලකගේ නායකත්වයෙන් ශූරතාවලියට එක්වූ ශ්‍රි ලංකා සවි එසවීමේ කණ්ඩායමට ඩැරින් වීරසිංහ, ඒ.එම්.ඩී.කොඩිකාර, ඉන්දික පරණගම, ඩී.කේ.ආර්.ජයතිලක, හේෂාන් දිල්හාර සහ ඔසුර බන්ගමුව ඇතුළත් වූහ.

Thursday, January 5, 2017

තොටුපොළ වසා පථය හදයි












                                                       ජාත්‍යන්තර ගුවන් සේවා සම්මතයන්ට හා ප්‍රමිතීන් ඉකුත්ව ඇති කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොළේ ගුවන් පථයේ නවීකරණ කටයුතු ප්‍රවාහන හා ගුවන් සේවා ඇමති නිමල් සිරිපාල නියෝජ්‍ය ඇමති අශෝක් අබේසින්හ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්බවිය. ජනවාරි 06 දින සිට අප්‍රේල් 6 දින දක්වා උදැසන 8.30 සිට සවස 4.30 දක්වා මාස තුනක කාලයක් දිනකට පැය 8 ක් මෙම ප්‍රතිසoස්කරණ නිසා ගුවන් තොටුපොළ වසා තබන බව ගුවන් තොටුපොළ හා සේවා සමාගම කියයි.

Tuesday, October 25, 2016

සමස්ත ශූරතාව හා පදක්කම්




                රටවල් 10 ක සහභාගීත්වයෙන්, මැලේසියාවේ පැවති 2016 මැලේසියානු විවෘත  කරාතේ තරඟාවලියේ සමස්ත ශූරතාව හා රන් පදක්කම් 21 ක් , රිදී පදක්කම් 12 ක්  හා ලෝකඩ පදක්කම් 7 ක් දිනූ ශ්‍රී ලoකා පාසැල් කරාතේ දෝ සoගම්යේ කණ්ඩායම ඊයේ දිවයිනට පැමිණියේය. හයවන වරට පැවති මෙම තරඟාවලියට ඉන්දියාව,නේපාලය, මැලේසියාව,ඉන්දුනීසියාව, තායිලන්තය හා බoග්ලාදේශය ඇතුළු රටවල් දහයක කණ්ඩායම් මෙම තරඟාවලියට සහභාගීවූහ. සමස්ත දිවයිනෙන්ම තෝරාගත් දක්ෂ ක්‍රීඩකයින්ගෙන් සමන්විතවූ මෙම කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට ජාත්‍යන්තර තරඟාවළියකදී සමස්ත ශූරතාව සමග විශාල ජයග්‍රහණ රැසක් ලබාගත් බව  පාසැල් කරාතේ දෝ සoගමයේ ලේකම් අනුර ශාන්ත මහතා පැවසීය.
       ඉකුත් ඔක්තෝබර් 21 සිට 23 දක්වා මෙම තරඟාවළිය මැලේසියාවේ ක්වාලම්පූර්හිදී පැවැත්විණි.

Thursday, September 22, 2016

නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක උද්ගෝශණය කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ආයතන හිමියන් කම්කරු සමිති සාමාජිකයිනට අතිකාල ලබාදීමට  එම සමිති වලින් ඉල්ලා අස්වී ලිපි ලබා දෙන ලෙසට බල කිරීම හා අතිකාල ලබා නොදීම ඇතුළු කම්කරු සමිති මර්ධන කියාවලට එරෙහිව නිදහස් වෙළඳ කලාප හා පොදු සේවා සේවක සන්ගමයේ සාමාජිකයෝ ඉකුත් දා කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය ඉදිරිපිට උද්ගෝශණය කළහ.
http://hottimesasia.com/2016/09/22/%e0%b6%b1%e0%b7%92%e0%b6%af%e0%b7%84%e0%b7%83%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b7%85%e0%b6%b3-%e0%b6%9a%e0%b6%bd%e0%b7%8f%e0%b6%b4-%e0%b7%84%e0%b7%8f-%e0%b6%b4%e0%b7%9c%e0%b6%af%e0%b7%94-%e0%b7%83-2/

Thursday, August 11, 2016

බෝතල් පත්තරේ




                 අපි පුන්චි කාලේ බෝතල් පත්තරේ කිය කිය පරණ බෝතල් පත්තර වගේ දෙවල් ගෙවල් වලට ඇවිත් එකතු කරන අය සිටියා මෙහෙම ආපු සමහර අය රටේ නමගිය මුදලාලිලත් වුනා මෑත කාලෙනම් මේ වගෙ දෙවල් එකතු කරන්නේ වාහන වලින් 

               අවුරුදු 15 ක් විතර ගුවන් තොටුපොළේ පත්තර වලට වාර්තාකරුවෙක් ලෙස වැඩ කල මමත් ඉකුත් දවසක බොතල් එකතු කරන්න පටන් ගත්තා හැබැයි ඒවා ප්ලාස්ටික් බෝතල් 
වෙන මොනවටත් නෙමේ ගෙවතු වගාවට මම නෙමේ කරන්නේ එහෙම කරන අයට ගෙනත් දෙනවා මගේ අරමුණ බෝතල් ලක්ෂයක් විතර එකතු කර ගන්න එතකොට  වස විස නැති ආහාර බෝග ලක්ෂයක් වවන්න මමත් උදව් කලා වෙනවා

            මේ රටේ සමහර පත්තර වලට වැඩ කරනවට වැඩිය ඒක ඵල දායක වෙයි කියලා  රාළට හිතෙන්නේ මොකද සමහර පත්තර අද වෙනකොට පැලැස්තර වෙලා

                                     ඒ වගේ තමා පරණ පත්තර එකතු කලොත් පොඩි ගාණකට හරි විකුණන්න පුළුවන් දන් තියෙන ගොඩක් පත්තර වලට වැඩ කලාට ඒ තරම්වත් ගෙවීමක් වාර්තාකරුවන්ට ගෙවනව කියල හිතන්න බෑ 
ආද පත්තර වාර්තාකාර රස්සාව කියන්නෙ කිසිම පිළිගැනීමක් නැති දෙයක් මේ පිළිඹදව රාළ ඉදිරියෙදි ලියනවා කොහොම වුනත් අද බොහෝ ජනමාධ්‍ය පිළිඹදව ජනතාව කලකිරීමෙන් සිටින බව නම් රාළ දන්නවා

Monday, August 8, 2016

ජඩ මැර මාධ්‍ය

       මැර ප්‍රහාර  කියමින් රටේ බොහෝ ජන මධ්‍ය වල තොරතුරු නිතර පලවෙනවා එක්කෝ මෙවටා සෘජුවම පාතාලය සම්බන්ධයි. ඉඳ හිටලා මාධ්‍යවේදීන්ටත් මැර ප්‍රහාර සිදුවෙනවා 

   මාධ්‍යවේදියොත් තවත් මාධ්‍යවේදියෙකුට හෝ පිරිසකට මැර ප්‍රහාර කරනවා නම් ඒක බරපතල සිදුවීමක් ජනතාවට ආදර්ශමත් ලෙස කටයුතු කලයුතු අය මේ වගේ නොහොබිනා වැඩ කරනවා නම් ඒක සමස්ත මාධ්‍යයේම පිරිහීමක් සිදුවීම් වාර්තා කරන්නනට යන මාධ්‍ය කරුවෝ ජනතාව ඉදිරිපිට ගහ මරා ගැනීම ට මාධ්‍ය ආයතනත් වගකිවයුතු කියලයි මට හිතෙන්නේ

   කොහොම වුනත් මේ වැඩේ බොහොම කැතයි කැතයි කැතයි....

Tuesday, July 12, 2016

නිෂා බිස්වාල් එයි.




      ශ්‍රි ලoකාව හා ඇමෙරිකාව අතර ද්විපාර්ශිවික සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින් දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිෂා බිස්වාල් මහත්මිය ඊයේ සවස මෙරටට පැමිණියාය.