Sunday, August 10, 2014

සා දුකින් පෙළෙන උන් දැන් ඉතින්......????

       


  සා දුකින් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියව් අන්තිම සටනට සැරසියව් මේක වැඩ කරන උන්ගේ ලොකුම සටන් පාඨයක් ඒ ඉස්සර  දැන් කම්කරුවන්ට නැගිටින්න බෑ ඔලුවට තොප්පි වැටිලා නිකම් තොප්පි නෙමේ පාට පාට තොප්පි අද නැගිටලා ඉන්නෙ මේ තොප්පිවල අයිතිකාරයෝ අද කම්කරුවෝ කියන්නේ තොප්පි අයිති කාරයන්ගේ රූකඩ උන්ට ඕන විදියට මුන් නැටවෙනවා

        කම්කරු නීති තියෙන්නේ පොත්වල නීති ක්‍රියාත්මක කරන්න ඉන්න කොමසාරිස්ලටත් පුලුවන් දෙයක් කරන්න කියලා පාට් දාන හාම්පුත්තු දැන් වැහි වැහලා රටේ නීති යටතේ කම්කරු සමිති හැදුවම  ඒවා පිලිගන්නේ නෑ කම්කරු නීති වලට අනුව සේවක ඡන්ද 40% ක් තිබුණම ඇති ඡන්ද 75% ක්තිබුණත් හාම්පුත්තු ගණන් ගන්නේ නෑ  ආයතයන නිවාඩු දෙනවා සේවකයින්ගේ නිවෙස් වලට අස්වීමේ ලිපි යවනවා කම්කරු  සමිති හැදුවොත් දඩුවම ඒකයි එතකොට බඩගින්නේ ඉන්න වෙන්නෙ රස්සාව නැතිවුන උන්ට රස්සා නැතිව තව කොටසක් ඉන්නවා උන්ට ඕන එදාවේල කන්න කීයක් හරි කම්කරු සමිති අර්ථසාධක ඒගොල්ලන්ට ඕන නෑ ඒ වගේ අය වැඩට ගන්න හාම්පුත්තු හරිම ආසයි අනියම් කොන්ත්‍රාත් සේවකයෝ කියන්නේ  මේ අයට මේ ගොල්ලොන්ව සපයන්න දැන් සමාගම් පවා ඇතිවෙලා කම්කරු අයිතීන් ගන්න ගිහින් රස්සාව නැති කරගත් අයත් මෙම සමාගම් හරහා ජීවත් වෙන්න රස්සා වලට යන කාලයක් තමා මේ

3 comments:

  1. අනේ මංද බං
    විපරීත ලොකයක්..ඔය රස්සා ඒජව්සි හරහා යන වුන්ට හරි හමන් විදියට පඩියක් වත් ලැබෙන්නෙ නෑ නෙව..
    වැඩි හරියක් යන්නෙ ඒජන්සියට...

    ReplyDelete
    Replies
    1. මේවට රජය නිල තත්වයක් දෙන්න ලැස්තිවෙලා රජයේ ආයතන වලටත් දැන් මෑන් පවර් සේවකයෝ ගන්නවා

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete