Friday, August 29, 2014

නොදෙව් ගැලවෙන්න දූෂකයට හිමි තොණ්ඩුවයි ගෙලේ


බෙහෙත් ගන්න රෝහල වෙත ගියපු වෙලේ
රවටා ඇ‍යව අතවර කර දිවි තුරන් කලේ
වෙද තනතුරට අපහාසයක් කලේ
නොදෙව් ගැලවෙන්න දූෂකයට හිමි තොණ්ඩුවයි ගෙලේ


         මීගමු රෝහලේ ප්‍රතිකාර ගැනීමට ගොස් සිටියදී දූෂණය කර මරා දමූ කටුනායක නිදහස් වෙළද කලාප සේවිකා, චමිලා දිසානායක නඩුව වසර හතක් විභාවේ. එම නඩුව කඩිනමින් විසදා ඇයට සාධාරණය කරන ලෙස ඉල්ලා ජනාධිපතිතුමා වෙත යැවීමට සේවක සoදෙශයක් කටුනායක කලාප සේවික සේවිකාවෝ අත්සන් කළහ.
නඩුවේ සාක්ෂි අවසන්වී වාචික හා ලිඛිත දේශණ අවධියේ පසුවන අවස්ථාවේ විත්තියේ නීතිවේදීන් සැලසුම් සහගත ලෙස කටයුතු කරමින් අධිකරණය මග හරිමින් නඩුවේ තීන්දුව පමා කිරීමට කටයුතු කරන බව නිදහස් වෙළද කලාප හා පොදු සේවක සoගමය  සහ ස්ත්‍රී මධ්‍යස්ථානය චෝදනා කරයි.

කවිය හා ඡායාරූප  -  කුමාරසිරි ප්‍රසාද්

2 comments:

  1. සාමාන්‍යෙන් වෘත්තිය සංගමක් තුල විනය ආරක්ෂා කරගන්නට නම් එම සංගමය තුල වනචර විදියට හැසිරෙන අයව එයින් ඉවත්කොට දඩුවම් පමුණුවන්න සංගම් උත්සාහ වන්ත වෙන්න ඕනි. එතකොට තමයි මහජනයා අතර ඒ වෘත්තිය ගැන පැහැදීමක් ඇතිවෙන්නෙ. නමුත් ලංකාවෙ වෘත්තිය සංගම් කවර අන්දමේ නිහින වැඩකදි වුවද තම සංගමයේ සාමාජිකයාගේ පාර්ශවය කොන්දේසි විරහිතව ගැනීම සාමාන්‍ය සිද්දියක් බවට පත්වෙලා..

    ReplyDelete