Sunday, August 10, 2014

මත්තල මොනරුනේ මගේ ගමට එන්න



       මම කුඩා කාලේ ජීවත්වුනු ගම මාතර කඹුරුගමුව එක් පැත්තකින් ඉන්දියන් සාගරයෙන් ද කුඩා වන ලැහැබ් වලින්ද  වැවකින්ද වෙල් යාය වලින්ද මගෙ ගම අලoකාර වුනා හාවුන් පසුපස කුඩාකල දිවගිය මතකය මට තාමත් මතකයි අපේ ගෙදර අසලම මීමින්නු කීපදෙනෙක් සිටියා නමුත් මොනරු සිටියේ නෑ අද ගම පුරාම මොනරු නිවෙස් උඩත් ඉන්නවා




                ඒ කාලෙ සිටියෙ නැති මොනරු මේ කාලෙ කොහොමද ගමට ආවේ මාතර කොළඹ අධි වේගී මග ඇතුළු සoවර්ධන වැඩ නිසා නිජබිම් අහිමි  වුනු මොනරු අපේ ගමට ඇවිත් කියලයි ගමේ අය කියන්නේ
 කොහොම උනත් ගමට ආපු මොනරු අද ගමේ කොටසක් වෙලා ඉද හිට  ගෙවත්තක පැලයක් කෑවට උන්ගෙන් වෙන වෙනත් අයහපතක් නෑ
පොඩි කාලේ අපිට දකින්න බැරි වුන මොනරු අපේ දරුවන්ට ගමේ සිටම බලන්න  ඇහැකි කියලා මගේ පාසැල් මිත්‍රයෙකු වන සුදත් පැවසුවේ



                       නිජබිම් අහිමි උන මේ මොනරුන්ට මගේ ගම අද රැකවරණය වෙලා
කතරගම දෙවියන්ගේ වාහනය වන මොනරු පැමිණීමත් ගමට ලොකු ආශීර්වාදයක් කියලයි මම හිතන්නේ



                    මගේ ගමට ආව මොනරු ගැන මෙහෙම සතුටු වුනත් මත්තල ඉන්න මොනරු ගැන සතුටු වෙන්න බෑ  මත්තල මොනරුනේ මගේ ගමට වරෙල්ලා කියලා කියනවට වැඩිය මට කරන්න වෙන දෙයකුත් නෑ

ටික කාලයකට පෙර ලියවුන මේ ලිපිය ත් එක්ක කතරගම දෙවියන්ට කන්නලව්වකුත් කලා ඒ කන්නලව්ව  වෙනම දාන්නම්

3 comments:

  1. මොණරු ඉන්න එකෙන් සර්පයො අඩුවීමත් වෙනවනෙ.

    ඉතින් බ්ලන්න අපේ ආන්ඩුවෙන් මොණරු ගෙවල් වලටම ගෙනල්ල තියෙන අපූරුව.

    ReplyDelete
    Replies
    1. විපක්ෂයේ මන්ත්‍රීවරු මෙහෙත් එයිද දන්නේ නෑ

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete