Monday, August 25, 2014

කටුගෙට ගියා අවසන්වී සේවාව


හතළිස් වසරකට පෙර ගුවනට ආව
බෝයින් 747 ගුවන් යානාව
ජපානයේ මෙහෙයුම් අවසන්ව
කටුගෙට ගියා අවසන්වී සේවාව

වසර 40 ක් පමණ ජපානයේ ගුවන් සේවා සදහා දායකවූ බෝයින් 747 වාණිජ ගුවන් සේවා මේ වනවිට මෙහෙයුම් අත්හිටුවා ඇත. ජපානයේ ඕල් නිපොන් ගුවන් සේවයට  (All Nippon Airways) අයත්ව තිබූ අවසාන බෝයින් 747 400ඪ් වර්ගයේ ගුවන් යානය සිය අවසාන ගුවන් ගමන නාහා සිට ටෝකියෝ බලා ගමන් කරමින් ජපානයට අයත් බෝයින් 747 වාණිජ ගුවන් ගමන් නිල වශයෙන් අවසන් කල බව එම ගුවන් සේවයේ නියෝජිතයෙකු කටුනායක සOචාරක හෝටලයකදී  පැවසීය.
ජපානයට පැමිණි පළමු බෝයින් 747 යානය ලෙස පෑන් ඇමරිකන් ගුවන් සේවයට අයත් බෝයින් 747 ස් ගුවන් යානයක් ඇමෙරිකාවේ සිට 1970 මාර්තු පැමිණ ඇත. එම අවස්ථාව නැරඹීම සදහා දස දහසකට ආසන්න ජනතාවක් හනේඩා ගුවන් තොටුපොළට පැමිණ ඇත.
ජපාන ආර්ථිකය ගොඩනැඔවීම්ට හා 21 වන සියවසට අඛණ්ඩව පියාසර කිරීමට කැපවූ වෙහෙසකර කාර්යයට ස්තුතිය  බෝයින් 747 වෙත පළ කරන බව නම හෙලිකිරීමට අකමැතිවූ ජපාන ගුවන් නියමුවා වැඩිදුරටත් කීය.

4 comments:

  1. ඕක ඊට පස්සේ හොරෙන්ම අඩු ගානකට අරන් අපේ කට්ටිය එන්ජින් නොම්මර චැසි නොම්මර වෙනස් කොරලා අලුත් නොම්මරයක් ගහලා මෙහෙ දුවවයිද දන්නෙත් නෑ

    ReplyDelete
    Replies
    1. හොරෙන් ගන්න උවමනා නෑ නවීකරණය කරවලා නීත්‍යානුකූලව වැඩිමිලට ගන්න ඕන තරම් ක්‍රම තියෙනවා

      Delete
  2. යකඩ වලට විනුනන්න තිබ්බා..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. මෙම වර්ගයේ මෙම නිෂ්පාදන මාදිලියේ ගුවන් යානා වෙනත් රටවල තාමත් උඩ යනවා

      Delete