Wednesday, August 27, 2014

සිටී නිවටුන් හැමතැන අප අතර

ඩෙනිමක් හැ යන කල මොඩ් එකට
විහිලු කරපු කොට කලිසමාහට 
උඩ පැන පැන දුන්නා කන් නෑසෙන්ට
සහයට කව්රුවත් ආවේ නෑනෙ මට

කැමරා ජoගම දුරකතන මානගෙන
වටේට ඉඳන් හොඳහැටි බලාගෙන
මුහුණු පොතට දාලා  දුන්න 
ප්‍රසිද්ධියට තුති පුදනවා ඔන්න

ගැටුමක් ඇතිවුන විටදී දෙන්නා දෙපසකට කර
මැදිහත් වෙලා අරවුල සමථ කර 
බැරිනම් පොලීසියට දෙන්නම යොමුකර
නීතිය  කිරීමට උදව්කර

කෙනෙක් සිටියානම්  එඩිතර
මෙය සිදුවීමකි සුළුතර
මානගෙන කැමරා බහුතර


සිටී නිවටුන් හැමතැන අප අතර


2 comments:

  1. මේ වගේ ගැටුම් යනවිට මැදිහත් වෙන්න පුලවනි හින්දි ෆිල්්ම වල නම්..එතකොට අනිවාර්යයෙන් මැදිහත් වෙන සාධාරන මනුස්සයා ගේ පැත්ත වාසිදායකයි..නමුත් සෙල්වාගේ අතේ දැලි පිහියක් තිබුන නම්..අර කෑ ගහන ගෑනි හොද දේසපාලන කකුලක් වෙලා ඒ ගෑනු ලමයාගේ තනයක වැරදිලා බේරුම් කරුවාගේ අතක වැදුනානම බේරන්නට හදන මිනිහා මුහුනපාන තත්වය ේම දෙදෙනාටම වඩා සෝචනීය වෙනවා. ඒනිසා දැක්කම අපිට බලන්න වීඩියෝ කරගන්නවා හැර මේ වගේ තැන්වල පුහු වීර ඇඩ් දාන්න යන එකනම් නුවණට හුරු නැහැ..

    ReplyDelete
  2. ඇයි බේරන්න කියන්නේ. එහෙම බේරන්න ගියොත් ඒකට ඉදිරිපත් වෙන්නෙත් ඔය සෙල්වාගේ පැත්තට ඉන්න පිරිමි නඩේ තමයි. වෙන්න ඕනේ එහෙම කෙනෙක් බේරන්න ආවොත් අර කෙල්ල ඒ එන කෙනාටත් හොඳට ගුටි බැට දෙන එක කට උත්තර නැති වෙන. වැරදි කරන පිරිමින්ව සුද්ද කරන්න දෙන්න බෑ.

    ReplyDelete